Jun
5

පුංචි පැංචියන් දෙදෙනෙකුගේම ආදරණීය මවක් වන ප්‍රමුදි කරුණාරත්නගේ කැදැල්ලේ ඡායාරූප එකතුවක්

 
2357 Views
   
 

ප්‍රමුදි කරුණාරත්න කියන්නේ කුඩා දරුවන්ගේ සිත් සතුටු කරපු සිරස ටීවී නාලිකාවේ විකාශය වුන පුංචි පැංචි වැඩසටහනේ පුංචි නිවේදිකාවයි. බොහෝ ජනප්‍රියත්වයට පත් ප්‍රමුදි ප්‍රේක්ෂක ආදරය සහ කුඩා දරුවන්ගේ ආකර්ෂණය දිනා ගැනීමට ඇය සමත් වුනා. ඒ වගේම ඇගේ පළමු චිත්‍රපටිය ලෙස සෝමරත්න දිසානායක අධ්‍යක්ෂණය කල සරෝජා චිත්‍රපටියෙන් අන්තර් ජාතික සම්මානයක් හිමි කරගන්නවා. එවැනි වටිනා අවස්ථාවකට හිමිකම් කියූ රංගන ශිල්පිනියක් තමයි ප්‍රමුදි කරුණාරත්න කියලා කියන්නේ. ඉරාන ජාතික සම්මාන උළලේදී සරෝජා චිත්‍රපටියේ රඟපෑම වෙනුවෙන් හොඳම ළමා රංගන ශිල්පිනියට හිමි සම්මානයෙන් පිදුම් ලබන්නට ඇයට වාසනාව හිමි වුණා කාලයක් පුංචි තිරයේ දකින්නට නොලැබුණු ප්‍රමුදි රංගන ශිල්පිණීය දැන් ආදරණිය බිරිදක් මෙන්ම දැන් ඇය පුංචි පැන්චියන් දෙදෙනෙකුගේම ආදරණීය මවක්ද වනවා. ඉතින් මවක්වීම නිසා ඇය රංගනයෙන් ඈත් වුනා.ඉතින් ඒ පිළිබඳව  ඇය පුවත් පතකට පවසා තිබුනේ මෙහෙමයි. මං රංගනයෙන් ඈත් වෙලා ගොඩ කාලයක් වනවා. ඉතින් ඒ නිස්ස ප්‍රේක්ෂකයන් හට මාව අමතක වෙලා ඇති කියල තමයි මන් හිතුවේ නමුත් එහෙම නෑ .මට රංගනයට ආරාධනා ලැබුනා. නමුත් මං නැවත රංගනයට එකතු වෙන්නේ නෑ කියල හිතලා තියෙන්නේ. ඉතින් ඇය මේ විදිහට තමයි අගේ අදහස් පවසා තිබුනේ. මේ ආදරණීය රංගන ශිල්පිනියට දෙවෙනි වතාවටත් මව් පදිවිය උරුම කරමින් මේ ලෝකෙට ආපු පුංචි සිගිති දියණියගේ ඡායාරූප පෙළකුත් පහුගිය දිනවල ඇයගේ සමාජ මාධ්‍ය ජාලා වලට එකතු කරලා තිබුණා.ඒ වගේම ඇයගේ ලොකු දියණියගේත් ඡායාරූප නිතර සමාජ ජාලා ඔස්සේ අපට දැකගන්නට ලැබෙනවා. ඉතින් එම ඡායාරුප පෙළ ඔබටත් අපි අද ගෙන එන්න හිතුවා.

 

1

 

3

 

3

 

4

 

5

 

6

 

7

 

 

8

 

9

 

10

 

11

 

12

 

13

 

14

 

15

 

16

 

17

 

18

 

19

 

20

 

21

 

22

 

23

 

24

 

25

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්