Jun
21

ගෑස් මිල වැඩිවනවාද තීරණය මෙන්න

 
1069 Views
   
 

ගෑස් මිල ඉහළ දැමීමක් සිදුනොකළ යුතු බවට ඒ පිළිබඳ සොයාබැලීම සඳහා පත්කළ අමාත්‍ය අනු කමිටුව තීරණය කර තිබෙනවා.

ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල ඉහළ දමන ලෙස ගෑස් සමාගම් විසින් සිදුකර ඇති ඉල්ලීම් පිළිබඳව තීරණයක් ගැනීම සඳහා අමාත්‍ය අනුකමිටුව අද (21) පෙරවරුවේ රැස්ව තිබුණා.

ඒ අනුව එම අවස්ථාවේ ගෑස් මිල ඉහළ දැමීමක් සිදුනොකළ යුතු බවට තීරණය වූ බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා කියා සිටියා.

ලිට්‍රෝ සහ ලාෆ් ගෑස් සමාගම් විසින් මිල ඉහළ දැමීමක් සම්බන්ධයෙන් පාරිභෝගික අධිකාරියට අවස්ථා කිහිපයකදී ඉල්ලීම් සිදුකර තිබුණා.

කිලෝග්‍රෑම් 12.5ක ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 670කින් ඉහළ දැමිය යුතු බවට එක් සමාගමක් ඉල්ලීම් සිදුකර තිබූ අතර අනෙක් සමාගම විසින් රුපියල් 575ක මිල වැඩිවීමක් ඉල්ලා තිබූ බව සඳහන්.

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්