Jun
15

ඉන්දීය ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදය ධීවරයින් අතර පැතිර යාමේ අවදානමක් (වීඩියෝ)

 
1340 Views
   
 

සංචරණ සීමා නීතිය ක්‍රියාත්මක වෙද්දීත් ජනතාව හැසිරෙන ආකාරය අනුව එයින් සාර්ථක ප්‍රතිඵල නෙළාගත හැකිවේද යන සැකය මතු වන බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න පවසනවා.

ඇය කියා සිටින්නේ මැතිවරණයකදී වයෝවෘද්ධ පුද්ගලයන්, රෝගීන් ඇදන් පුටුවල තියාගෙන ඔසවාගෙන ඡන්ද මධ්‍යස්ථාන කරා ගෙනියනවා මෙන් එන්නත ලබා ගැනීමට ද උනන්දු වන ලෙසයි.

මෙම වසංගතය පාලනය කිරීම සෞඛ්‍ය අංශයට පමණක් තනිව කළ හැකි දෙයක් නොවන බවත් ජනතා සහයෝගය ද ඉතාමත් අවශ්‍ය බවත් විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න පවසනවා.

ඇය සඳහන් කරන්නේ තවමත් මෙහි භයානකත්වය පහව ගොස් නැති අතර සංචරණ නීති ක්‍රියාත්මක කාලය තුළ රෝගීන්ගේ සහ මරණ සංඛ්‍යාවේ අඩුවීමක් දැකගත හැකි වන්නේ ඉදිරියේදී බවයි.

ඉන්දියාවේ, ඇමෙරිකාවේ සහ එංගලන්තයේ පැතිර යන ඩෙල්ටා ප්‍රභේදය භයානක ප්‍රභේදයක් බැවින් එය අප රට තුළ පැතිර යාම වළක්වා ගැනීමට ගුවන්තොටුපොල වරාය වැනි ස්ථාන වඩාත් සුපරික්ෂාකාරීව කටයුතු කල යුතු බවටයි වෛද්‍ය පද්මා ගුණරත්න පෙන්වා දෙන්නේ.

එමෙන්ම ධීවර කර්මාන්තයේ නිරත වන්නන් විශේෂයෙන්ම ඉන්දීය ධීවරයින් සමග සම්බන්ධ නොවී සිටීම තුළින් ද මෙම වෛරසය රට තුළට ඇතුළුවීම වළක්වා ගත හැකි බවට ඇය සඳහන් කළා.

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්