Oct
26

හේෂා විතාරණ සහ චමින්ද විජේසිරි සමගි ජන බලවේගයේ තනතුරු වලින් ඉල්ලා අස්වෙයි

 
1317 Views
   
 

සමගි ජන බලවේගය රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ සහ බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි යන අය සිය පක්ෂ තනතුරු සහ ආසන සංවිධායක ධූරවලින් ඉල්ලා අස්වීමට තීරණය කර තිබේ.

ඔවුන්ගේ ඉල්ලා අස්වීමේ ලිපි පක්ෂ මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර වෙත ඊයේ (25) ලබාදී තිබේ. ආරංචි මාර්ග අනුව දිස්ත්‍රික්කයේ වැඩි ම මනාපලාභීන් ලෙස දිස්ත්‍රික් කටයුතුවල වැඩසටහන් කර ගැනීමට නොහැකි වීම අර්බුදකාරී තත්ත්වයට හේතු වූ බව සඳහන් වේ.

එමෙන් ම ‍රටට කළ හැකි වැඩපිළිවෙළක් පිළිබඳ කතිකාවතක් නිර්මාණය කිරීම හා සමගි ජන බලවේගය තුළ ජයග්‍රහණය නියත වුවත් ජනතාවට යම් වැඩකොටසක් කළ යුතු බැවින් වත්මන් ආණ්ඩුව පරිද්දෙන් ජනතාව රවටනවා වැනි හැඟීමක් සජබ කෙරේ ද ගොඩනැඟීම සිදු නොවිය යුතු බවත් ඔවුන්ගේ මෙම තීරණයට හේතු වූ බව දේශපාලන විශ්වසනීය කටයුතු ආරංචි මාර්ග සඳහන් කරයි.

විශේෂයෙන් මේ වන විට ජනතාව ආණ්ඩුව ප්‍රමුඛ බහුතරයක් දේශපාලකයන් කෙරේ අවිශ්වාසයෙන් බැලීම, ජනතා බලාපොරොත්තු සුන්වීම මත විපක්ෂයේ වැඩපිළිවෙළ ඉදිරියට ශක්තිමත් කර ගැනීම සඳහා ප්‍රදේශයේ මහජන නියෝජිතයන්ට යම් වැඩපිළිවෙළක් සිදුකිරීමට පක්ෂය තුළ ඉඩ නොතිබීම ද මෙම ඉල්ලා අස්වීමට හේතු කාරණා වී ඇතැයි තතු දත් ආරංචි මාර්ග සඳහන් කරයි.

තම ප්‍රදේශයේ ජනතාවට යම් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමේ ඇති අවශ්‍යතාව අවස්ථා කිහිපයකදීම පෙන්වා දී ඇතත් ඒ සඳහා අපේක්ෂිත ප්‍රතිචාරය නොලැබීම මෙවැනි තීරණයක් ගැනීමට හේතු වී ඇතැයි ද වාර්තා වේ.

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්