Feb
8

නාඩ්ගම්කාරයෝහි මාලන්ට පෙම් බදින ” රසිකා” කසුනි කාවින්ද්‍යා කියන කතාව

 
834 Views
   
 

මේවෙනකොට ලංකාවේ ටෙලිනාට්‍ය කිහිපයකටම සිය රංගන දායකත්වය ලබාදෙමින් ලාංකීය ජනයාගේ ආකර්ෂණය හිමිකර ගත් දක්ෂ රංගන ශිල්පිනියක් තමයි කසුනි කාවින්දි කියල කියන්නේ. ඇත්තෙන්ම ටෙලි නාට්‍ය රැසකට සිය රංගන දායකත්වය ලබාදුන්නු කසුනි බොහෝ දෙනෙකු අතර ජනප්‍රිය වෙන්නේ තණමල්විල කොල්ලෙක් කියන ටෙලි නාට්‍යයේ දම්මිගේ චරිතය තුළිනුයි. අනතුරුව රාවණා සහ සයිබර් බෙගර්ස් නාට්‍ය වල අමතක නොවන චරිත රඟපෑ ඇය මේ දිනවල බොහෝ ජනප්‍රිය වී සිටින්නේ නාඩ්ගම්කාරයෝ ටෙලි නාට්‍යයේ රසිකා කියන චරිතය ඔස්සේයි

කොහොම නමුත් නාඩ්ගම්කාරයෝ කියල කියන්නේ මේ දිනවල අපේ රටේ ප්‍රේක්ෂකයන්ගේ සුවිශේෂ ආකර්ෂණයක් හිමිකරගෙන තිබෙන ටෙලි නිර්මාණයක්. ඉතින් මේ ටෙලි නාට්‍යයේ බොහෝ දෙනෙක් අදරය කරන සරාගේ අක්කාගේ චරිතයට පන පොවන්නේ ඇයයි. ඇත්තෙන්ම මේ දිනවල “රසිකා” කියන තරුණ මවගේ චරිතයට සිය රංගන දායකත්වය දක්වන ඇයට අති විශාල ජනතා ප්‍රසාදයක් හිමිකර ගැනීමට හැකිව තිබෙනවා

කොහොමහරි ඉතින් මේ විදිහට කලා ක්ෂේත්‍රය තුළ ජනප්‍රියත්වයට පත් ඇය ක්ෂේත්‍රයට පිවිසි ආකාරය ගැන අදහස් දක්වලා තිබුණා. ඒ මෙලෙසයි

” මම මුලින්ම වේදිකාවට නගින්නෙ අවුරුදු දහයෙදි, ළමා නිළියක් විදිහට. ඒ මම රත්නපුර ෆර්ගියුසන් උසස් බාලකාවේ ශිෂ්‍යාවක් විදිහට පාසල් නාට්‍ය හරහායි. ඒවායින් මම ජයග්‍රහණ ලබනවා. ඒ වගේම මම සාමාන්‍ය පෙළ හා උසස් පෙළට නාට්‍ය හා රංග කලාව හදාරනවා.පුංචි කාලෙ ඉඳන් මම දන්නෙ නර්තනය, රංගනය හා සංගීතය කියන තුන විතරයි. රංගනය පැත්තෙන් උපරිම දුරක් යන එක තමයි මගේ ඔළුවෙ වැඩ කරන්නේ. පසුව මම සෞන්දර්යය කලා විශ්වවිද්‍යාලයට තේරෙනවා. මම එහිදි නාට්‍ය හා රංග කලාව පිළිබඳ විශේෂවේදි උපාධියක් ලබාගන්නවා.” කියලයි

ඒ විතරක් නොවෙයි ප්‍රසිද්ධ වේදිකාවට මම එන්නෙ 2012 දී කියන ඇය කියන්නේ ඒ වේදිකාවෙන් මහ පොළොවට කියන නාට්‍යයෙන් කියලයි. ඉතින් මේ විදිහට අදහස් දක්වපු ඇය වැඩිදුරටත් කියා සිටියේ ” මම විශ්ව විද්‍යාලයට ආවට පස්සෙ විශ්ව විද්‍යාලය හරහා රජ්‍ය නාට්‍ය උළෙල හා යොවුන් නාට්‍ය උළෙල නියෝජනය කරනවා. විශ්ව විද්‍යාල නිෂ්පාදනවලින් ඊට අමතරව මම බාහිර නිෂ්පාදනවලටත් සම්බන්ධ වෙනවා, තුමිදු දොඩන්තැන්න හා රාජිත දිසානායක යන නාට්‍යකරුවන්ගේ නිර්මාණ හරහා.ඕනෑම චරිතයක් මම කරන්නෙ පිටපත බලලා. නිර්මානයේ ගුණාත්මකභාවය අනුවයි, මට හොඳයි කියලා හිතුණොත් විතරයි ” කියලයි

ඒ වගේම 2014 ජාතික යෞවන සම්මාන උළෙලේ දිගු නාට්‍යය යටතේ හොඳම නිළිය ලෙස සම්මාන හිමිකර ගැනීමට ඇයට හැකියාව ලැබෙනවා. ඒ චෙරි උයන නාට්‍ය වෙනුවෙනුයි. ඒ විතරක් නොවෙයි 2015 වසරේදී රාජ්‍ය නාට්‍ය උළෙලේ හොඳම නිළියට නිර්දේශ වන්නේද ඇයයි. ඒ චෙරි උයන කියන නිර්මාණය වෙනුවෙන්මයි. තවද 2017 වසරේ යෞවන සම්මාන උළෙලේ ‘බිසෝ අම්බලම’ කෙටි නාට්‍ය වෙනුවෙන් හොඳම නිළියට නිර්දේශ වන්නේද ඇයයි

කෙසේවෙතත් එලෙස අදහස් දක්වපු ඇය වේදිකා නාට්ය, ටෙලි නිර්මාණ හරහා මෙන්ම උතුරු සුළඟ,ඉක්කා, ගජමෑන්,ආයු, වෙඩි නොවදින ළමයි ,සීගිරි, සිහින සමීකරණ…වැනි සිනමා නිර්මාණ යන්ද රාශියකට තම රංගන දායකත්වය ලබාදී තිබෙනවා. ඒ වගේම ඉන් ඉන් කිහිපයක් ඉදිරියේදී තිරගත තිරගත වීමට නියමිතව තිබෙන බවයි අපට දැනගන්නට ලැබුණේ.

ඉතිං වර්තමානයේ ලාංකිකයන් රැසකගේ ආකර්ෂණය හිමිකර ගනිමින් ජනප්රියත්වයේ හිණිපෙත්තේ පසුවන මේ යොවුන් රංගන ශිල්පිනියගේ ඉදිරි ගමන සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා කියල අපිත් ප්‍රාර්ථනා කරනවා

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්