ලබන වසරේ අප්රේල් මාසය වන විට මෙරට ජනතාවට කෑමට ආහාර නොමැති තත්ත්වයක් උද්ගත වන බව ශ්රී ජයවර්ධනපුර විශ්වවිද්යාලයේ ව්යවහාරික විද්යා පීඨයේ මහාචාර්ය මෙත්තිකා විතානගේ මහත්මිය අනතුරු අඟවයි.
ඇය ප්රකාශ කළේ, මහ කන්නය සඳහා වගා කටයුතු මේ වන විට ආරම්භ කළ යුතුව ඇතත් ඒ සඳහා අවශ්ය පොහොර ලබා දීමට රජය මෙතෙක් පියවර ගෙන නොමැති බවය.
ඊට අමතරව කාබනික දියර පොහොර පමණක් යෙදීමෙන් රටට ප්රමාණවත් අස්වැන්නක් අපේක්ෂා කළ නොහැකි බව ද ඇය පෙන්වා දුන්නාය.
මහ කන්නය යනු මෙරට වැදගත් ම සහ වැඩි ම අස්වැන්නක් හිමි වන කන්නය වන බව ත්, එම කන්නයේදී අත්හදා බැලීම් කිරීමට හැකියාවක් නොමැති බව ත් මහාචාර්යවරිය පෙන්වා දුන්නාය.
ඒ අනුව, කෘෂිකර්මාන්ත ක්ෂේත්රයේ විද්වතුන් සහ පර්යේෂකයින් පෙන්වා දී ඇති කරුණු කෙරෙහි රජය කිසිදු සැලකිල්ලක් නොදක්වමින් ගෙන යන වැඩපිළිවෙළ හරහා ආහාර හිඟයක් ඇති වීම නොවැළැක්විය හැකි බව ද ශ්රී ජයවර්ධනපුර විශ්වවිද්යාලයේ ව්යවහාරික විද්යා පීඨයේ මහාචාර්ය මෙත්තිකා විතානගේ මහත්මිය වැඩිදුරට ත් සඳහන් කළා ය.