Jul
19

කාබනික වගාවෙන් නිරෝගී රටක්

 
1126 Views
   
 

කාබනික වගාවට යොමු වී, එය නිසි ක්‍රම වේදයන් අනුව සිදු කළ හොත් කිසිදු අ’නිසි ප්‍රතිඵලයක් මිනිසා කරා නො’පැමිණෙන අතර එමගින් මෙරට අනාගත පරපුර ද ඉතා නීරෝගි සෞඛ්‍ය සම්පන්න පරපුරක් බවට පත් වනු නො’අනුමානය. එහෙත් කබනික පොහොර යොදනු ලබන නිවැරදි ක්‍රමය, නිවැරදි කාලය, වගාවේ විවිධ අවදිවලට එය යෙදිය යුතු ආකාරය පිළිබඳව නිසි අවබෝධයක් ලැබිය යුතුය. එසේ නො’මැතිව යෙදීමෙන් කාබනික පොහොර මඟින් බලාපොරොත්තු වන්නා වූ ප්‍රයෝජනය ගත නො’හැකි වේ. කාබනික පොහොර යොදා ඇති ගොවිපළක් අසලින් ගලා යන දිය කඩිත්තකින් අවශ්‍ය විටෙක පානය සඳහා ජලය ද ගත හැකි අන්දමින් එය පිරිසුදුය. පාංශු ක්ෂුද්‍ර ජීවීන්ගේ යහපැවැත්ම තහවුරු කරමින් ස්වාභාවික සතුරන් හා පළිබෝධකයන් අතර මහා පාරිසරික සම්බන්ධතාවක් ඇති කරමින් සිදු කරනු ලබන වගාවකින් ලැබෙනුයේ පෝෂ්‍යදායී ගුණය වැඩි වස විසෙන් තොර ආහාරයන්ය.
සෞභාග්‍යයේ දැක්ම තුළ කාබනික වගාවක් කරා යන මේ ගමනේදී ශාක පිළිබඳව හා එහි ආර්ථික වටිනාකම පිළිබඳව ද දැන ගත යුතුය. සෞභාග්‍යා ගෙවත්තක් සාදා ගැනීමේදී එම දැනුම මහඟු පිටිවහලක් වනු ඇත. අතීතයේදී මානවයන් විසින් කෘෂිකර්මාන්තය කරනු ලැබුවේ එම ශාක පිළිබඳව මහඟු දැනුමක් ඇතිවය. මාංෂභක්ෂකයන් නොවන සියලු ජීවීන්ගේ ප්‍රධාන ආහාරය ශාක හා ඒ ආශ්‍රිත නිෂ්පාදනයන් යැයි කිව හොත් එය ඉතා නිවැරැදිය.

අප අවට පරිසරයේ නොයෙකුත් ආහාරමය ශාක හඳුනාගත හැකිය. ඒවායින් බහුලවම හමු වන ආහාර ශාක ධාන්‍ය සපයා දෙන තෘණ කුලයේ ශාක වේ. ප්‍රධානම ධාන්‍ය වර්ග 6ක් මිනිසාගේ අවශ්‍යතා සඳහා භාවිත කරනු ලබයි. ඒවා ප්‍රධාන වශයෙන් වී, තිරිඟු, ඉරිඟු, බාර්ලි, ඕට්, හා රයි (rye) වේ. වී හා තිරිඟු මිනිසාගේ ප්‍රධානම ආහාර වේලට එක් වන ධාන්‍ය වන අතර ඉරිඟු ප්‍රධාන කාබෝහයිඩේට්, ලිපිඩ හා ප්‍රෝටීන බහුල ගෘහස්ථ සත්ත්වයින්ගේ ආහාරයක් ද වේ. එයට අමතරව එමඟින් මද්‍යසාර නිපදවීම, තෙල් සබන් වර්ග නිපදවීම වැනි කාර්යයන් ද, සිදු කෙරේ.
කාබනික වගාව නිසා ගොවියන්ගේ ආදායම වැඩි දියුණු කර ගැනීම සඳහා මිලට් වැනි රනිල ශාක සමඟ මිශ්‍ර භෝගයන් ද වගා කළ හැකිය. මේවා මාස තුන හතරකදී අස්වැන්න නෙළිය හැකි භෝග වර්ගයන්ය. එමෙන්ම ෆින්ගර් මිලට් වර්ගයට අයත් වන කුරක්කන් මඟින් මිනිසාට අධික ශක්තියක් ලැබෙන අතර දියවැඩියා තත්ත්වය සමනය කිරීමට ද සමත් වේ. මේවා වියළි කලාපයේ හොඳින් සරුවට වැඩේ. එසේම මෙනේරි ද මිනිසාගේ ප්‍රධාන ආහාරයක් වන අතර එහි ඉතිරි කොටස් හරකුන්ගේ හා අශ්වයින්ගේ ප්‍රධාන ආහාරයකි. මෙවැනි ආහාර භාවිතය මඟින් ශ්‍රී ලංකාවේ ප්‍රජාව නීරෝගිමත් ජාතියක් බවට පත් කිරීම සෞභාග්‍යා දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයේ ප්‍රධාන අරමුණු අතර වේ. සෞභාග්‍යා ගෙවත්ත වැඩසටහන ද මෙම අරමුණ සාක්ෂාත් කර ගැනීම සඳහා මහඟු පිටුවහලකි. එමඟින් රටේ ආර්ථිකය ද සරු කර ගත හැකි අතර නීරෝගි සෞඛ්‍ය සම්පන්න අනාගත පරම්පරාවක් බිහි කර ගැනීමට ද හැකි වනු ඇත.

රසායනික පොහොර සහ රසායනික පළිබෝධනාශක භාවිතය හේතුවෙන් CKDu යනුවෙන් හඳුන්වනු ලබන හඳුනානොගත් වකුගඩු රෝගයෙන් පෙළෙන්නන් බහුල ලෙස වාර්තා වනුයේ උතුරු මැද පළාතෙනි. දශක දෙකක පමණ කාලයක සිට අනුරාධපුරය සහ පොළොන්නරුව ප්‍රදේශවලින් මෙම රෝගීන් වාර්තා වුව ද, මහා පරිමාණයෙන් වාර්තා වීමටත් මෙම රෝගය හේතුවෙන් ජනතාව වැඩි වශයෙන් මිය යෑමටත් පටන් ගෙන ඇත්තේ 2016 වර්ෂයේදී පමණය. පරීක්ෂණ මඟින් සොයා ගෙන ඇති තොරතුරුවලට අනුව CKDu රෝගය වැලඳුණු පුද්ගලයන් මේ වන විට 70,000ක් පමණ වේ.

පරිසර වාර්තා අනුව බැර ලෝහ, නීල හරිත බැක්ටීරියාවල විෂ වර්ග, කෘෂි රසායන ද්‍රව්‍ය සහ අධික උෂ්ණත්වය යන සාධක මෙම රෝගයට බලපාන බව තහවුරු වී තිබේ. හඳුනා නොගත් වකුගඩු රෝගය පිළිබඳ වැඩිදුරටත් අධ්‍යයන කටයුතු සිදු කර ගැනීමේදී අවශ්‍ය වන්නා වූ කරුණු කාරණා සොයා බැලීම සඳහා රජයක් ලෙස වසරකට අති විශාල මුදලක් මේ වෙනුවෙන් වැය කරනු ලබයි. එමෙන්ම රෝගය වැලඳුණු තැනැත්තන්ට ප්‍රතිකාර කිරීම සඳහා මෙන්ම ප්‍රතිකාර මධ්‍යස්ථාන ආරම්භ කිරීමට ද රජය විසින් වසරකට අති විශාල මුදලක් වැය කරනු ලබයි. රසායනික පොහොර මෙරටට ආනයනය කිරීම සඳහාත් වකුගඩු රෝගීන් සුවපත් කිරීම සඳහාත් වැය වන මෙම මුදල් කන්දරාව දෙස බැලූ විට ඉතා ප්‍රඥාගෝචර විසඳුම රසායනික පොහොර ආනයනය නවතා කාබනික පොහොරවලට මාරු වීම බව අමුතුවෙන් කිව යුතු නොවේ.

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්