Aug
11

අන්තර් පළාත් බස් රථ ධාවනයට සීමා (වීඩියෝ)

 
946 Views
   
 

පළාත් සංචරණ සීමා යලි සක්‍රිය කිරීමත් සමඟ පොදු ප්‍රවාහන කටයුතු සීමා කර තිබෙනවා.

ඒ අනුව, පෞද්ගලික බස්රථ අන්තර් පළාත් ධාවනය අත්‍යාවශ්‍ය අවස්ථාවන්හිදී පමණක් සිදුකරන අතර පළාත් තුල ධාවනය ද සමස්ත ධාවනයෙන් සියයට 40 ක් දක්වා අඩු කර තිබෙනවා.

ලංගම බස් රථ ද අන්තර් පළාත් ධාවනය අත්‍යාවශ්‍ය සේවා සඳහා පමණක් සීමා කළ බවයි එහි සභාපති නීතිඥ කිංස්ලි රණවක සඳහන් කළේ.

පළාත් අතර දුම්රිය ධාවනය වුව ද එහි ගමන් කළ හැක්කේ රාජකාරි කටයුතු සඳහා යන පුද්ගලයින්ට පමණයි. එහිදී ඔවුන් සිය අනන්‍යතාව තහවුරු කළ යුතු බවයි දුම්රිය සාමාන්‍යාධිකාරි ධම්මික ජයසුන්දර ප්‍රකාශ කළේ.

 

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්