Nov
27

ඔබේත් මගේත් මව්බිම වෙනුවෙන් කැපවෙමු

 
1669 Views
   
 

ශ්රී ලංකාව සංවර්ධනයේ නව යුගයකට පැමිණ ඇත. ගාලුමුවදොර කලාපය නව වෙළඳ මධ්යස්ථානයක් බවට පත් කිරීමට වත්මන් ජනාධිපතිතුමා ආරක්ෂක ලේකම්ව සිටි කාලයේ ගත් තීරණ නිසා අද දැවැන්ත ආයෝජන ව්යාපෘති මෙරටට පැමිණ ඇත . එය රටේ අර්ථිකයට විශාල සහයක්.

පෝට්සිටි ව්යාපෘතිය ආරම්භ කිරීම මගින් රටට අවශ්ය ආර්ථික වර්ධනයේ පදනම දැමීමට වත්මන් නායකත්වය සහ අග්රාමාත්යවරයා නිරන්තරයෙන් කටයුතු කරයි. අද අපට අභියෝගයක් ඇත. කොරෝනා වසංගතය සමඟ ආර්ථිකයට විශාල බලපෑමක් සිදුවී ඇත.

නමුත් ආර්ථිකය ගොඩ නැගීමට අවශ්ය ගැලපෙන පියවර ගැනීමට රජය කටයුතු කරයි . මේ අභියෝගය ජය ගැනීමට වත්මන් ජනපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ට හැකි බව අපේ එකම විශ්වාසයි.

මහින්ද රාජපක්ෂ මැතිතුමා ජනාධිපති ලෙස කටයුතු කල 2006-2014 කාලය තුළ අප වේගයෙන්ම දියුණු වන රටවල් අතරට එක්ව සිටියා.

එහිදී අප දෙවැනි වුණේ චීනයට පමණයි. එම කාල පරිච්ඡේදය තුළ අප දෙවැනි වුනේ චීනයට පමණයි. ඒ යුගයේ කොටස් වෙළඳපොළ ද ආසියාවේ හොඳම කොටස් වෙළඳපොළ බවට පත්ව තිබිණ .

2015 ට කලින් ඒ සඳහා සම්මාන පවා පිරිනැමිණි. අප රටට දේශීය හා විදේශීය ආයෝජනයක් අවශ්යයි. ලෝකයේ ඕනැම රටක් ආයෝජකයන් ට ආරාධනා කරද්දී අප කුහක දේශපාලනයට යොමු විය යුතු නැත.

කළ යුත්තේ එකම දෙයකි. පළමුව රටේ යථාර්ථය තේරුම්ගෙන , තමාගේ මවුබිමට දැනෙන්නට සේවය කිරීමයි. දැනෙන්නට ආදරය කිරීමයි. එවිට හොර බොරු නැති , එකම පැත්තක සිට කුලල් කා නොගන්නා , පෞද්ගලික අරමුණු පසුපස නොයන අවංක මිනිසුන් බිහිවේවි. එසේ වුවහොත් රට මීටත් වඩා ලස්සන වේවි.

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්