Jan
1

“තනතුරු අතහැරලා යන්න අපි සූදානම්” – රාජ්‍ය ඇමති නිමල් ලන්සා

 
967 Views
   
 

රට වෙනුවෙන් කරන ඉල්ලීම්වලට අදාළ පාර්ශව ඇහුන්කන් නොදෙන්නේ නම්, සිය තනතුරු අත්හැරීමට සූදානම් බව රාජ්ය අමාත්ය නිමල් ලන්සා මහතා පවසයි.

අමාත්යවරයා සඳහන් කළේ, ඒ සඳහා ජනතාව සමග එක්ව අදාළ පාර්ශවවලට විරුද්ධව පෙළගැසී කටයුතු කිරීමට තමන් සූදානම් බව ය.

මීගමුවේ පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්යවේදීන් නැගූ ප්රශ්නවලට පිළිතුරු දෙමින් අමාත්යවරයා මේ බව පැවසීය.

ප්රශ්නය: මුතුරාජවෙලා ඉඩම් පවරා ගැනීම සම්බන්ධයෙන් ගැටලුවක් ඇවිල්ලා තියෙනවා. දැන් ඒ ගැටලුව ඉවර ද? 

“අපි තනතුරුවලට බයේ තනතුරු ආරක්ෂා කරගන්න වැඩ කරන අය නෙමෙයි. තනතුරු අතහැරලා යන්න අපි සූදානම්. මොක ද අපි මේ ජනතාව වෙනුවෙන් කරන ඉල්ලීමක්. රට වෙනුවෙන් කරන ඉල්ලීමකට ඇහුන්කන් දෙන්නේ නැත්නම් සමහර පාර්ශව ඒ අයට විරුද්ධව ජනතාව එක්ක පෙළගැහිලා ඒ අයව එළවනකම් නතතුරු අතහැරලා කටයුතු කරන්න අපි සූදානම් කියන එක ඔය තීන්දු ගත්ත අයට අපි කියන්න ඕනේ. ඉතා ම ත් පැහැදිලිව කියන්නේ, මුතුරාජවෙල, අලුතෙන් ගහපු ගැසට් එක පවරා ගැනීම. වහාම අවලංගු කරන්න ඕනේ. අපේ තීන්දු ගනන් ගන්නේ නැතුව ඉන්නවා නම් මේ තනතුරුඅත්හැරලා වරප්රසාද අත්හැරලා යාන වාහන ඔක්කො ම දීලා මිනිස්සු එක්ක හිටගෙන මේ සඳහා සටන් කරන්න කැමතියි කියන එක පැහැදිලිව කියන්න ඕනේ.”

ප්රශ්නය: ආණ්ඩු පක්ෂයේ ම මැති ඇමතිවරු ආණ්ඩුව විවේචනය කරනවා. ඉතින් කොහොම ද ඇමතිතුමා රටක් කරන්නේ?

“අද ජනතාව පාරවල්වල ඉද්දී, රස්තියාදු වෙද්දී අපිට දුකක් තියෙනවා. අපි මහජන නියෝජිතයෝ විධියට. මේක නොවෙන්න ඕනේ. ඒක නිසා තමයි මම කිව්වේ තනතුරු අත්හැරලා යන්න සූදානම් කියන එක.”

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්