Jun
7

රෙද්දයි හැට්ටෙයි ඇඳගෙන රඟපාන්න හරි අමාරුයි – ශ්‍රීමාලි ෆොන්සේකා

 
2021 Views
   
 

ආසියාවටම මනාළියක් වුණු ඇය මේ වන විට ටෙලිනාට්‍ය ක්ෂේත්‍රයේ ජනප්‍රිය රංගන ශිල්පිනියක් වගේම, නිවේදිකාවක් ලෙසත් කටයුතු කරනවා. මේ දිනවල විකාශය වන ‘සකර්ම’ ටෙලිනාට්‍යයේ සුවිශේෂ චරිතයකින් නැවත ඔබ හමුවට එන අපේ හිතවතිය ශ්‍රීමාලි ෆොන්සේකා. මේ, ශ්‍රීමාලිගේ කලා කටයුතු ගැන අපි ඇය සමග සිදුකළ සාකච්ඡාවක්.

ඔබ සෑම උදෑසනකම ‘වින්දනීය උදෑසන’ වැඩසටහනත් එක්ක අප සමග එකතු වෙනවා. ඒ ගැන මුලින්ම කතා කරන්න කැමැතියි?

හිරු ටී.වී. ඔස්සේ විකාශය වන ‘වින්දනීය උදෑසන’ වැඩසටහනේ නිවේදිකාවක් ලෙස මම ප්‍රේක්ෂකයන් අතරට එනවා. ඒ වැඩසටහන තුළදී අපේ කලා ක්ෂේත්‍රයේ ප්‍රවීණ ශිල්පීන්, ගත්කතුවරුන්, වෛද්‍යවරුන් වැනි විවිධ ක්ෂේත්‍රවල අයත් එක්ක සාකච්ඡා කරනවා. ප්‍රේක්ෂකයන්ට හොඳ දැනුමක් වගේම රසාස්වාදයක් ලබාදීමට ඒ තුළින් හැකි වෙනවා.

 

එවැනි වැඩසටහනක් දිනපතා ඉදිරිපත් කිරීමට ඔබේ පෙර සූදානම කොයි වගේද?

එකිනෙකට වෙනස් මාතෘකාවන් ගැන තමයි එහිදී කතාබහ කරන්නේ. කලින් දවසේ අපව දැනුවත් කරනවා වැඩසටහනට සහභාගි වන තැනැත්තා ගැන. ඒ අනුව ඔවුන් ගැන සොයා බලලා, ඔවුන් සමග කතාබහ කරලා දැනුවත් වීමක් ඇතිව තමයි වැඩසටහන කරන්නේ.

 

ඔබ කාලෙකට පස්සේ නැවත රංගනයටත් යොමුවෙලා නේද?

‘සකර්ම’ ටෙලිනාට්‍යයේ සුමාලිගේ චරිතය තමයි මම රඟපාන්නේ. මම එහෙම ආවාට ගියාට රඟපාන්නේ නැහැ. මේ වන විට ටෙලිනාට්‍ය අටක විතර මම චරිත නිරූපණය කරලා තියෙනවා.

 

‘සකර්ම’ ටෙලිනාට්‍යයේ ඔබ නිරූපණය කරන සුමාලි චරිතය ගැන කතා කළොත්?

සිරියාවතී ඇතුළු පවුලක සිදුවන සිදුවීම් මාලාවක් තමයි ‘සකර්ම’ ටෙලිනාට්‍යයේ ගලාගෙන යන්නේ. ‘සකර්ම’ ටෙලිනාට්‍යය බොහෝ දෙනෙක් නරඹන බව දැනෙනවා ලැබෙන ප්‍රතිචාරත් එක්ක. සුමාලිගේ සැමියා නැති වුණාට පස්සේ ඇයට මුහුණ පෑමට සිදුවන අත්දැකීම් එක්ක තමයි මගේ චරිතය ගලාගෙන යන්නේ. මම මීට පෙර ගැමි චරිතයක් කරලා නැහැ. රෙද්ද සහ හැට්ටය ඇඳගෙන රඟපෑම, ගමන් විලාසය සහ එම චරිතයේ දෙබස් මට නුහුරු බවක් දැනුණා.

 

ඔබට රඟපෑමට අවස්ථාව ලැබෙන්නේ එකිනෙකට වෙනස් චරිත නේද?

ඒ ගැන මම ගොඩක් සතුටු වෙනවා. ඒ වගේම ඒ චරිත සඳහා මාව තෝරාගත්ත සියලුම අධ්‍යක්ෂවරුන්ටත් මම විශේෂ ස්තුතිය පුදකරනවා. එවැනි එකිනෙකට වෙනස් චරිත නිරූපණය කිරීමෙන් අපට යමක් ඉගෙන ගන්න ලොකු අවස්ථාවක් ලැබෙනවා.

 

රංගනයේදී වගේම දෙබස් උච්චාරණයේදී පවා අතරමං වුණු අවස්ථා ඇති නේද?

ඇත්තටම ඔව්. ඒ සමහර අවස්ථාවල බැණුම් අහපු වාරත් තියෙනවා. ඒ වෙලාවට හිතට දුකක් එනවා. ඒත් අධ්‍යක්ෂවරුන්ගෙන් වගේම මං සමඟ වැඩ කරපු ශිල්පීන්ගෙන් ලොකු සහායක් ලැබෙනවා. මොකද ඒ දෙබස් අපට නුහුරු නිසා පෙර පුහුණුවක් ඇතිව තමයි අපි රඟපාන්නේ. මම රඟපාපු ‘රාවණා’ ටෙලිනාට්‍යයේ ‘කේතුමතී’ චරිතය වුණත් හාත්පසින්ම වෙනස් එකක්.

 

ලංකාවට විශාල ගෞරවයක් අරගෙන ආපු නිරූපිකාවක් නේද ඔබ?

2012 විවාහක රූ රැජින කිරුළත්, ආසියානු විවාහක රූ රැජින කිරුළත් පළමු වතාවට හිමිකරගත්තේ මම. ඉන් පස්සේ තමයි ලංකාවෙ විවිධ මාදිලියේ පැජන්ට් රැලි නිර්මාණය වුණේ. ඒ කාලේ මාධ්‍යවලින් මට ලොකු සහායක් ලැබුණා. ඒ කිරුළත් එක්ක තමයි මාව බොහෝ දෙනෙක් දැන හඳුනාගත්තේ. ඒ ගැන මට ගොඩක් සතුටුයි.

වසන්ත විතාරණගේ

 

1

 

2

 

3

 

4

 

5

 

6

 

7

 

8

 

9

 

10

 

11

 

12

 

13

 

14

 

15

 

16

 

17

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්