Feb
16

” මම නිදාගන්නවා ගොඩක් අඩුයි වැඩක් තියෙනවා නම් මම මුල්තැන දෙන්නේ ඒ වැඩේට ” ජනප්‍රිය නිළි දිනිති වල්ගමගේ

 
824 Views
   
 

දිනිති වල්ගම කියල කියන්නේ මෙරට කලා කෙත පෝෂණය කිරීම සදහා කලාවට එක්වුණු සුන්දර තරුණියක්. මීට වසර කිහිපයකට පෙරදී කලා ක්ෂේත්‍රයට එක්වුණු ඇය මේවෙනකොට රංගන ශිල්පිනියක ලෙසින් පමණක් නොවෙයි නිවෙදිකාවක් ලෙසද කටයුතු කරනවා. මේ හැමදේටම වඩා සුවිශේෂී කරුණ වන්නේ ඇය ගුවන් සේවිකාවක් වීමයි. කොහොම නමුත් ඇය පිළිබඳ කතා කරනවානම් දිනිතිගේ උපන්ගම වෙන්නේ ගාල්ලයි

ඒ වගේම දිනිති වල්ගම සිය අධ්‍යාපනය ලබාගන්නේ ගාල්ල සංඝමිත්තා බාලිකා විද්‍යාලයෙනි. දිනිතිගේ මව සහ පියාද ගුරුවරුන් වෙනවා. කොහොමහරි ඉතින් අද අපි කතා කරන්න යන්නේ ඇයත් සමගිනුයි

ඇත්තටම රංගන ශිල්පිනියක් හැටියට කටයුතු කරන ඔබ ගුවන් සේවිකාවක් හැටියටත් කටයුතු කරනවා. ඉතින් මේ විදිහට කටයුතු කරන්න ඔබට කාලය තියෙනවද ?

උනන්දුව ආසාව තියෙනවා නම් ඒ දේවල් කරන්න පුළුවන්. මම මේ හැම දෙයක්ම කරන්නේ ආසාවෙන් හා කැමැත්තෙන්. ඒ නිසාම වෙන්න ඇති මට කාල කළමනාකරණය හොඳට කරගන්න පුළුවන්. මම නිදාගන්නවා ගොඩක් අඩුයි. වැඩක් තියෙනවා නම් මම මුල්තැන දෙන්නේ ඒ වැඩට. ආසාවෙන් කරන ඕන වැඩකට අපිට කාලය වෙන් කරගන්න පුළුවන් කියලා මම හිතනවා

දිනිති කියල කියන්නේ මේවෙනකොට නිළියක් වගේම ගුවන් සේවිකාවක්. ඉතින් ඔබ පුංචි කාලේ හීන දැක්කේ නිළියක් වෙන්නද ගුවන් සේවිකාවක් වෙන්න ද ?

පුංචි කාලේ මගේ ලොකුම හීනය වුණේ ලෝකය දකින්න. මගේ හීනයේ වෙලා තිබුනේ ඒක. ගුවන් සේවිකාවක් වෙන්න තමයි මට ඕන වුණේ.මොකද ලෝකය වටේ යන්න. ඉස්සර ඉඳන්ම මම පිට රටවලින් ලැබෙන තෑගි වලට ගොඩක් ආස කෙනෙක්. එයාලා විශේෂ වූ තෑගි ගෙනත් දෙනවා. මේ හැමදේම එක්ක මට ලෝකය බලන්න තිබුන ආසාව තවත් වැඩි වුණා. හැබැයි මට ලෝකේ දකින්න ඕන නම් සල්ලි ඕනෑ කියලා මම ලොකු වෙද්දි තේරුම් ගත්තා. ඒ නිසාම ලෝකයේ පෙන්නලා සල්ලිත් දෙන මේ රස්සාවට මම කැමති වුණා

ඔබ සුන්දර රූ සපුවකට හිමිකම් කියන සුන්දර වගේම කටකාර තරුණියක්. ඉතින් දිනිතිගේ ප්‍රථම ප්‍රේමය පාසල් ප්‍රේමයක් ද ?

මට අයියලා දෙන්නෙක් හිටපු නිසාම සමහර අය මගෙන් යාලුවෙන්න අහන්න බය වුනා. කොල්ලෙක් මගේ දිහා බලන්නත් බයයි. මොකද ගුටි කන්න වෙයි කියල බයේ. අනවශ්‍ය දේවල් වලට ඇවිත් මගෙන් ගුටි කාපු කොල්ලෝ ඉන්නවා. මගේ හිතට දැනුන එක ප්‍රේමයක් තිබුනා. හැබැයි දැන් මම පෙම්වන්තියක් නෙවෙයි. මේ දිනවල මට ආදරය ගැන හිතන්න කාලයක් නැහැ. හරිම කාර්යබහුල කාර්ය බහුල ජීවිතයක් තමයි මම ගෙවන්නේ. මෙහෙම ආදරයක් පටන් ගත්තොත් මම ආදරේ කරන කෙනා පව්. මොකද මට එයා වෙනුවෙන් වෙන් කරන්න කාලයක් නැහැ. කාලයත් එක්ක මගේ වැඩ පිළිවෙලක් වුනහම මම ආදරේ ගැන හිතනවා

දිනිතිට ජීවිතයේ තියෙන බලාපොරොත්තු මොනවාද කිව්වොත් ?

මම කිසිම දවසක හීන තියාගෙන ජීවත් වුණ කෙනෙක් නෙවෙයි. මොකද මට හැම වෙලාවකම ඕන වුනේ අද දවස ජීවත් වෙන්න. අද දවස විඳින්න. මම කවදාවත් ඊයෙ සිදුවුන දේට දුක් වෙලා හෙට කියන අනාගතය ගැන හීන දකින්නවත් නැහැ. අද දවස තමයි මට ලැබුණ හොඳම තෑග්ග. ඉතින් ඒ නිසාම අද දවස සතුටින් ගත කරන්නයි මට ඕනේ කරන්නේ

කෙනෙකුගේ ජීවිතයේ සුන්දරම කාලය තමයි සහෝදරයින් සමගින් ගෙවන කාලය. ඉතින් අයියලා දෙන්නා එක්ක ඔබ ගත කරපු කාලය ගැන මතක් කළොත් ?

මගේ ළමා කාලය ගැන මතක් කරද්දී ඇත්තටම මට ඒ කාලේ අමතක වෙන ලොකුම දේ තමයි මම කෙල්ලෙක් කියන එක. මොකද ඒ කාලේ මම කොල්ලා වගේ. මම සෙල්ලම් කලේ මගේ අයියලා දෙන්නත් එක්ක. අයියලාගේ යාළුවොත් මාව හඳුන ගත්තෙ තවත් එක කොල්ලෙක් විදිහට. මගේ ගම ගාල්ල වෙද්දි මම සුන්දර ළමා කාලයක් ගත කළා. ඒ විදියට තමා මගේ ළමා කාලය ගෙවුණේ

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්