Aug
27

මට දැන් සනීපයි, මම අද ගෙදර යනවා, ව්‍යා ජ ප්‍රකාශ කළ අයට අනුකම්පා කරනවා – ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ

 
1177 Views
   
 

කොරෝනා වෛරසය ආසාධිත ව කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලැබූ හිටපු පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සම්පූර්ණ සුවය ලබා තිබෙනවා. පෞද්ගලික නාලිකාවක ප්‍රවෘත්ති වෙබ් අඩවිය සඳහන් කරන පදිරි දුරකතනය ඔස්සේ ‍ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා සම්බන්ධ කර ගත් මොහොතේ ඔහු කියා සිටියේ මේ වන විට තමන් යහපත් සෞඛ්‍යය තත්ත්වයක පසුවන බවයි.

තවත් සුළු වේලාවකින් රෝහලෙන් බැහැර ව සිය නිවස වෙත යන බවත් ඔහු පවසා සිටියා. ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා තමන් කොරෝනා වෛරසය ආ සා ධි ත ව රෝහල් ගත වූ මොහොතේ පටන් ඉක්මන් සුවය ප්‍රාර්ථනා කළ සෑම දෙනාට ම ස්තූති කිරීමටත් අමතක කළේ නැ හැ. එමෙන්ම, තමන් අ සා ධ්‍ය තත්ත්වයේ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බව ව්‍යාජ ඡායාරූප පවා උපයෝගී කරගෙන සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කළ පුද්ගලයින්ට අනුකම්පා කරන බවත් ඔහු වැඩිදුරටත් කියා සිටියා.

වැඩිදුරටත් අදහස් දැක්වූ ‍ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ කියා සිටියේ රෝගය වැළඳුණු බව දැනුණු පළමු අවස්ථාවේදී ම ‍ප්‍රතිකාර සඳහා යොමු වීම අත්‍යාවශ්‍ය කරුණක් බවයි. තමන් අද දින යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් නැවත නිවෙස වෙත යන්නේ එම ක්‍රියා පිළිවෙත අනුගමනය කිරීම නිසා බවත් මෙම රෝගය කිසිසේත් සුළුකොට තැකීම සිදු නො කළ යුතු බවත් ඔහු වැඩිදුරටත් කියා සිටියා.තවත් සති දෙකක් පමණ කාලයක් නිවසේ විවේක ගැනීමෙන් අ න තු රු ව සිය රාජකාරි කටයුතු ආරම්භ කරන බවයි නියෝජ්‍ය පොලිස්පතිවරයා පවසන්නේ.

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්