Jul
27

බලලා මල්ලෙන් එලියට පැන්න දුමින්දගේ හ මු දා භී’තිකාව

 
1033 Views
   
 

දැන් වෙනම පිලි දෙකක හිටියට දුමින්ද නාගමුව කියන්නෙ ජ.වි.පෙ එක්ක ඒකාලෙ එකට බත් පතේ කෑ කෙනෙක් බව ඉතිහාසය සාක්කි දරනව. ඒ වගේම අන්තරේ කියන කාල කණ්නි සංගමයද මෙහෙයවන්නෙ ඔය දුමින්දම තමා. දරුවන්ගේ වටිනා කාලය වර්ජන උද්ඝෝශණ වලට යොදවල අධ්‍යාපනය අඩපන කරන උන්ට කාලකණ්නි කියන්නෙ නැතුව වෙන මොනව කියන්නද?

 

අපි හදිස්සියෙ දුමින්ද නාගමුව ගැන කතා කරන්නෙ ඇයි කියල ගොඩක් දෙනෙක්ට හිතෙයි. ලංකාවෙන්ම චන්ද 50000 අවට ගණනක් තියෙන මිනිහෙක් ගැන කතා කරන්න දේකුත් නෑ තමා. ඒත් ඊයෙ පෙරෙදා මේ හාදය කිව්ව දෙයක් ගැන තමා මේ කතාව. මොකක්ද ඒ? “අපේ බදු මුදිලින් මෙච්චර ලොකු හ මු දා වක් පවත්වාගෙන යන්න දෙන්න බෑ… ගුරු විරෝධය එතැනට හැරවිය යුතුයි-.දුමින්ද නාගමුව”

 

මෙන්න ගරු සටන පටන් ගත්ත අයගෙ කෙලවර. ජනගහනයෙන් 1.6% වගේ ප්‍රතිශතයක් තියෙන ශ්‍රීලංකා ත්‍රිවිධ හ මු දාව වැඩිවෙන්නෙ කොහොමද? 1971 වගේම 1989 වෙච්ච අ’සාර්ථක කැ රලි සුන්නත් දූලි කරේ හ මු දාව කියල අපිට වඩා දුමින්ද දන්නව කියල අපි හොදටම දන්නව. හ මු දාව ශක්තිමත්ව ඉන්න තාක් කල් ඒගොල්ලන්ට සෙල්ලම් දාන්න බෑ කියල දුමින්ද හොදටම දන්නව. ඒගොල්ලො හොදටම දන්නව රාජපක්ශ ආණ්ඩුවක් යටතේ හ මු දාවට නිසි තැන ලැබෙනව කියල. මහ වීරයෙක් කියල කතා කරන සරත් ෆොන්සේකා පවා 2001 සාම ගිවිසුම හරහා බල්ලෙක්ටත් එහා ගිය හැටි දුමින්ද දැක්ක කියල අපිට විස්වාසයි. දුමින්ද මෙහෙමත් කියල තියෙනව.‍

 

“මෙතරම් විශාල හ මු දාවක් අපේ බදු මුදලින් නඩත්තු කිරීමට සූදානම් නෑ, මෙය මෙරට ජනතාවගේ අයිතිවාසිකම් උදුරා ගැනීමට එන මිලිටරිකරණ ක්‍රියාවලියක්. එනිසා කොතලාවල පනත සම්බන්දයෙන් ඇති විරෝධය එතැනට හැරවිය යුතුයි” ඔන්න ගුරු සටන මේගොල්ලො අවසන් කරන විදිය. මේගොල්ලො දන්නව අන්තරේට සෙල්ලම් දාන්න බෑ කියල හ මු දාව ඉන්නකම්. බුද්ධි අංශය වෙනදටත් වඩා ශක්තිමත් කියල දුමින්ද හොදටම දන්නව. මේ ගොල්ලො මිලිටරිකරණයක් කියල වචනයක් අල්ලගෙන වටේ යනව. ඒකට අපි කලබල වෙන්නත් හොද නෑ.

 

ඒගොල්ලො හොදටම දන්නව අපේ සංවර්ධන ක්‍රියාවලිය පිටිපස්සෙ හ මු දාව වෙනදාට වඩා සක්‍රීයව ඉන්නව කියල . ඒගොල්ලො ඒවට කැමති නෑ. අපි දැක්ක 88/89 භී’ෂණය අස්සෙ මේ ගොල්ලො දාපු සෙල්ලම්. තුණ්ඩු කෑලිවලින් කඩ වහන සෙල්ලම් හ මු දාව බලවත් වෙලා ඉන්නකම් ආපහු ඒගොල්ලනට දාන්න බෑ කියල ඒගොල්ලන්ගෙ යටි හිත දන්නව. කොරෝනා ඇවිල්ල ලංකාව කෙලවිලා යයි කියල ආසාවෙන් බලං හිටපු ඒගොල්ලන්ගෙ හීනය කුඩු කරේ හ මු දාව කියල ඔය දුමින්ද දන්නව. ඇත්තටම හ මු දාව, බුද්ධි අංශ එකතු වෙලා ගහපු ගේම් එක නිසා තමා අපි බේරුනේ කියල දුමින්දගෙ යටි හිත දැනගත්තට උඩින් ඒක කියන්න ලැජ්ජයි කියල දුමින්දටත් වඩා අපි හොදටම දන්නව.

 

එන්නත්කරණය අතිසාර්ථකව කරගෙන යන ගමන්, කාබනික පොහොර ව්‍යාපෘතියට සක්‍රීයව දායක වෙමින් වගේම සංවර්ධන ක්‍රියාවලියටත් කෙලින්ම සහභාගි වෙන මේ ක්‍රියාවලියට කියන්නෙ මිලිටරිකණය කියල නම් අපි ඒ මිලිටරිකරණයට හරිම ආසයි කියන පණිවුඩේ දුමින්දට කියන්න අපි හරිම ආසයි

 

අපි කරුණාවෙන් දුමින්දට කියනව කොරෝනා නිසා අඩාල වෙච්ච අධ්‍යාපනය කඩාකප්පල් කරන්න ආපහු ලමයින්ව පාරට බස්සන්න එපා කියල. ඒක මහ පා පයක්. අරගල කරල බොහොම අමාරුවෙන් වයස 27 වගේ රජයේ විශ්ව විද්‍යාල වලින් දරුවො එලියට එනකොට පුද්ගලිකව අධ්‍යාපනය ලබල හොදට ඉගෙනගන්න ලමයි හොද රස්සාවක් කරල , කසාද බැදල වගේම දරුවෙකුත් හදාගෙන. හ මු දාව බලවත් වෙලා ඉන්නකම් මේ සෙල්ලම් ආපහු දාන්න බෑ කියල දුමින්ද දන්න නිසා මේ ප්‍රකාශ කරන්න ඇති.

 

බල්ලො බිරුවට කදු පාත් වෙන්නෙ නෑ කියන පණිවුඩේ දුමින්දට දෙන ගමන් අපි මෙහෙමත් කියනව. බල්ලො උඩුබුරන විදියට හද හැංගුනා නම් අහස කළුවර වෙලා වගේම තනිවෙලා ගොඩක් කල් හැබැයි ඒක එදා උනෙත් නෑ , අද වෙන්නෙත් නෑ මෙන්න කැට හෙට වෙන්නෙත් නෑ.මේ දරුවන්ගෙ අනාගතය කාලකණ්නි කරන්න උත්සහ කරන්නෙ නැතුව ඉන්න කම් හ මු දාව මුකුත් කරන එකකුත් නෑ කියල අපිට විස්වාසයි
උපුල් දේවප්‍රිය

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්