Aug
5

ඔක්සිජන් අවශ්‍යතාව උපරිමයටම ළං වෙයි ඇඳන් නැ ති රෝගීන් වාට්ටුවලින් පිටතට සමාජ මාධ්‍ය ස ස ල කළ වීඩියෝ මෙන්න

 
1879 Views
   
 

මෙරට නිපදවන සමස්ත ඔක්සිජන් ප්‍රමාණය දැනට රෝහල්ගතව ප්‍රතිකාර ලබන කො රෝ නා ආ සා දි තයින්ට ලබාදීමට සිදුව ඇති බව රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.

මේ නිසා ඉදිරියේදී ඔක්සිජන්, සිංගප්පූරුවෙන් සහ ඉන්දියාවෙන් ආනයනය කරන බවයි ඔහු කියා සිටියේ. එසේම කො රෝ නා ව්‍යාප්තිය සී ග්‍ර යෙ න් ඉහළ යාමත් සමඟ රාජ්‍ය සේවකයින්ට සේවයට වාර්තා කිරීමේ නව නිර්දේශ ඇතුළත් චක්‍රලේඛයක් ද ඉදිරියේදී නිකුත් කරන බව රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන කියා සිටියා.

මේ අතර රෝහල්වල ධාරිතාව තවදුරටත් ඉක්මවා යමින් පවතින තත්වය හමුවේ රත්නපුර සහ රාජගිරිය ආයුර්වේද රෝහල් කො රෝ නා ප්‍රතිකාර මධ්‍යස්ථාන බවට පත් කිරීමට අද පියවර ගැනුනා. කො රෝ නා ආසාදිත ද රු ව න් දිනකට 20 ඉක්මවා බොරැල්ල රිජ්වේ ආර්යා ළ මා රෝහලෙන් වාර්තා වීම හේතුවෙන් එහි ධාරිතාව මේ වනවිට උපරිමයට පැමිණ ඇති බවයි රෝහල් අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ජී. විජේසූරිය කියා සිටියේ. මේ අතර, කරාපිටිය සහ රත්නපුර ශික්ෂණ රෝහල්වල ආ සා දි ත ය න් සී ග්‍ර යෙ න් ඉහළ යාමත් සමඟ එම රෝහල් තුළ හ දි සි තත්වයක් ප්‍රකාශයට පත් කිරීමට රෝහල් බලධාරීන් ඊයේ පියවර ගනු ලැබුවා.

ඒ අනුව අද රත්නපුර ආයුර්වේද රෝහල කො රෝ නා ප්‍රතිකාර මධ්‍යස්ථානයක් බවට පත් කළ බවයි සබරගමුව පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව කියා සිටියේ. එම රෝහලට අවශ්‍ය ඔක්සිජන් ඇතුලු සෙසු පහසුකම් මෙන්ම අවශ්‍ය කාර්ය මණ්ඩල ශික්ෂණ රෝහල මගින් සැපයෙනු ඇති.

එමෙන්ම කරාපිටිය ශික්ෂණ රෝහලේ කාර්ය මණ්ඩලයේ 93 දෙනෙකුට මේ වනවිට කො රෝ නා ආ සා දනය වී ඇති බව රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය ෂෙල්ටන් පෙරේරා ප්‍රකාශ කළා. වෛද්‍යවරුන්, හෙද හෙදියන් සහ කණිෂ්ඨ කාර්ය මණ්ඩල සේවක සේවිකාවන් 54 දෙනෙකු ද ඒ අතර වනවා.

එම රෝහලේ කො රෝ නා රෝ ගී න්ගේ ඇඳන් ධාරිතාවද ඉක්මවා ගොස් ඇති අතර, පවතින තත්වය හමුවේ අ සා ධ්‍ය තත්වයේ පසු නොවන ආ සා දි ත යන් නිවෙස්වල සිට ප්‍රතිකාර ලබාගැනීමේ එකඟතාව මත නිවෙස් වෙත යවා ඇති බවයි වාර්තාවන්නේ. ක ළු බෝ විල රෝහල තුළද ඇඳන් ධාරිතාව ඉක්මවා රෝගීන් වාට්ටුවලින් පිටත රැඳී සිටින ආකාරය දැක්වෙන ඡායාරූප සහ වීඩියෝ දර්ශන මේ වනවිට සමාජ මාධ්‍යවල හුවමාරු වනවා.

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්