Jul
15

නාගරික ලේකම්වරියගේ රාජකාරියට බාධා කළ මන්ත්‍රීවරයා (වීඩියෝ)

 
1462 Views
   
 

වත්තල මාබෝල නගර සභාවේ නාගරික ලේකම්වරියගේ රාජකාරියට බාධා කළ නාගරික මන්ත්‍රී ලෙනාඩ් රෝහණ අද රුපියල් ලක්ෂ දෙකක ඇප මත මුදා හැරුණා.

පසුගිය 7 වනදා නාගරික මන්ත්‍රී ලෙනාඩ් රෝහණ වත්තල මාබෝල නගර සභාවට පැමිණ ඇත්තේ සිය පෞද්ගලික කටයුත්තක් ඉටුකර ගැනීමටයි. එම අවස්ථාවේදී වත්තල මාබෝල නාගරික ලේකම්වරිය සූම් තාක්ෂණය ඔස්සේ පැවැත්වුණු සාකච්ඡාවක නිරතව සිට තිබෙනවා.

ඇය නාගරික මන්ත්‍රීවරයාට පවසා ඇත්තේ සාකච්ඡාව නිම වීමෙන් පසු අදාළ කාරණය සම්බන්ධයෙන් අවධානය යොමු කරන බවයි. මෙහිදී කෝපයට පත් නාගරික මන්ත්‍රීවරයා නාගරික ලේකම්වරියගේ ලැප්ටොප් පරිගණකය ඔසවා පොළොවේ ගසා ඇති බවටයි වාර්තා වන්නේ.

මෙම සිද්ධිය පිළිබඳ වත්තල පොලිසියට සිදු කළ පැමිණිල්ලකින් පසු අදාළ නාගරික මන්ත්‍රීවරයා ඊයේ දින අත්අඩංගුවට ගෙන අද වත්තල මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කළා. ඒ රජයේ සේවකයෙකුගේ රාජකාරියට බාධා කිරීම රාජ්‍ය දේපළවලට හානි කිරීම යන චෝදනා යටතේයි.

මෙහිදී නාගරික මන්ත්‍රීවරයාට දැඩි අවවාද කළ වත්තල මහේස්ත්‍රාත්වරයා ඔහු රුපියල් ලක්ෂ දෙකක මුදල් ඇප මත මුදා හැරීමට නියෝග කළා. මෙම සිදුවීම වත්තල මාබෝල නගර සභාවේ ප්‍රධාන දොරටුව අසල තිබූ CCTV කැමරාවේ සටහන් වී තිබුණා.

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්