Feb
24

ස්වර්ණවාහිනීයේ මුල් පිටුවෙන් රටම ආදරය කළ ප්‍රවීණ මාධ්‍යවේදී බන්දුල පද්මකුමාර මහතා අභාවප්‍රාප්ත වෙයි

 
1607 Views
   
 

මෙරට පත්තර කලාව වෙනස්ම මාවතකට යොමුකළ ජේෂ්ඨ මාධ්‍යවේදීයෙකු තමයි බන්දුල පද්මකුමාර කියන්නේ. ස්වර්ණවාහිනියේ මුල්පිටුව හරහා කාගෙත් ආදරයට ගෞරවයට වගේම අතිශය ජනප්‍රියත්වයට පත්වු එතුමා ඉතා දීර්ඝ කාලයක් ස්වර්ණවාහිනී මුල්පිටුව සමගින් කටයුතු කර තිබුණා. කොහොම නමුත් මාධ්‍යවේදියකු ලෙස මෙරට පුවත්පත් කලාවට දිගුකාලීන සේවයක් ඉටුකළ ඒ මහතා ‘ගීතා’, ‘සරසි’ වැනි සිනමා පුවත්පත් ද ‘කුමරි’ ‘පති-පතිනි’ වැනි සඟරා රාශියක් ද ආරම්භ කිරීමට මුල් පියවර තබනු ලැබුවා

කෙසේවෙතත් මාධ්‍යවේදියෙකු ලෙස රටම හදුනාගත් ඔහු ඊට අමතරව චිත්‍රපට කලාවෙහි ද වැදගත් කාර්‍යබාර්‍යයක් ඉටුකළ ඒ මහතා පත්තර මහගෙදර සභාපතිවරයා ලෙස ද කාලයක් සේවය කරනු ලැබුවා. ඒ විතරක් නොවෙයි මුද්‍රිත පුවත්පත රූපවාහිනිය කරා ගෙනයමින් රූපවාහිනී පත්තර වැඩසටහන මුලින්ම හඳුන්වා දුන්නෙත් බන්දුල පද්මකුමාර මහතායි

මේ අතර මෙරට ජනයා වෙනුවෙන් වැදගත් වැඩසටහන් රැසක් හදුන්වා දුන්නු ඒ මහතා ‘මුල් පිටුව’ සහ ‘ලෝක සිතියම’ යන වැඩසටහන් ඔස්සේ අති විශාල ජනතා ආකර්ෂණයක් හිමිකර ගැනීමට සමත්වෙනවා

කෙසේවෙතත් අසනීප තත්ත්වයක් හේතුවෙන් ඒ මහතා කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමිනුයි පසුවී තිබුනේ. අසූව දශකයේ අතිශයින්ම ජනප්‍රියත්වයට පත්වූ පුවත්පත් රැසකම ප්‍රධාන කතෲවරයා ලෙසද කටයුතු කළේ ඔහුයි. ඒ විතරක් නොවෙයි ලක්බිම සතිඅන්ත ජාතික පුවත්පතේ ආරම්භක කතෲවරයාද වූයේ ඔහුයි

මේ සියල්ලන්ම අතරේ මුල්පිටුව වැඩසටහන හරහා කාගෙත් ආදරය දිනු මේ මාධ්‍යවේදී පද්මකුමාර මහතා අද සිය ජීවන ගමනට සමුදී තිබෙනවා. කොහොම නමුත් වකුගඩු දෙකම අක්‍රීය වීම හේතුවෙන් කාලයක් ප්‍රතිකාර ගත් ඒ මහතා මෙසේ ඔහුගේ ජීවන ගමන නිමා කර තිබෙනවා. ඉතින් මේ විදිහට සිය ජීවන ගමන නිමා කළ ජේෂ්ඨ මාධ්‍යවේදී බන්දුල පද්මකුමාර මහතාට අපිත් නිවන්සුව ප්‍රාර්ථනා කරනවා

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්