Dec
9

ශ්‍රී ලංකාවෙන් හමුවූ පළමු ඔමික්‍රෝන් ආසාදිත කාන්තාවට එරෙහිව නීතිමය පියවර

 
1109 Views
   
 

ශ්රී ලංකාවෙන් හමුවූ පළමු ඔමික්රෝන් ආසාදිත කාන්තාවට සහ ඇගේ සැමියාට එරෙහිව නඩු පවරන බව ශ්රී ලංකා මහජන පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පවසයි.

ඔහු ප්රකාශ කළේ, නිරෝධායන නීතියට අනුකූලව ඔවුන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බව ය.

“ඒ කාන්තාව ශ්රී ලංකාවට ආවෙ නොවැම්බර් 24 වෙනි දා. ඇය එන්නත් සම්පූර්ණ කරලා තිබුණේ නෑ. ඇයගේ ස්වාමි පුරුෂයා ගුවන්තොටුපොළෙන් නිවසට පිටත් කර යවලා තියෙනවා. ආසාදිත කාන්තාව ගුවන් තොටුපළේ ඉඳන් ලුනාවේ ප්රතිකාර මධ්යස්ථානය කරා යොමු කර තියෙනවා. එතන ඇයව රඳවාගෙන තියෙන්නේ එක දවස යි. ඊට පස්සේ ඇයව නිවසට යවලා තියෙනවා. මේ වනතුරු ත් ඒ ආයතනය සහ සෞඛ්ය අමාත්යංශය නිල වශයෙන් පැහැදිලි කිරීමක් කරලා නෑ ඇයව ගෙදර යැව්වේ ඇයි කියලා,” උපුල් රෝහණ මහතා පැවසීය.

මේ සම්බන්ධයෙන් ප්රදේශය භාර සෞඛ්ය වෛද්ය නිලධාරියාට හෝ දැනුම් දී නැතැයි ශ්රී ලංකා මහජන පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා ප්රකාශ කළේ ය.

මෙම කරුණු සැලකිල්ලට ගෙන නිරෝධායන ආඥා පනතේ 46 වන වගන්තිය ප්රකාරව ඔවුන්ට එරෙහිව නඩු පවරන බව ඔහු පැවසීය.

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්