Nov
5

පිළිකා රෝගීන් වෙනුවෙන් ජටා බැඳි හිටපු විවාහක රූ රැජිණ කැරොලයින්

 
1986 Views
   
 

කැරොලයින් ජූරි ගැන අමුතුවෙන් සිහිපත් කළ යුතු නැහැ. 2019 දෙසැම්බර් 7 ඇමෙරිකා එක්සත් ජනපදයෙන් නෙවාඩාහි ලාස් වේගාස්හි පැවැති ලෝක විවාහක රූ රැජින 2020 තරඟාවලියේ කිරුළ එහි හිමිකාරිනිය වූයේ ඇයයි. රෝසි සේනානායක මහත්මිය ලෝක විවාහක රූ රැජින තරගය ජයග්රහණය කර 35 වසරකට පසුව ශ්රී ලංකාව කිරුළක අභිමානය දිනා ඇය දෙවසරකට ආසන්න කාලයක් කිරුළ දැරීය.

කිරුළ පැළඳි කාලයේ පමණක් නොව ඉන් පසුවද සිය සමාජ මෙහෙවර ඇය ඉටු කරමින් සිටි. ඇගේ සාමාජීය කටයුතු අතරේ සුවහසක් පිළිකා රෝගීන් වෙනුවෙන් ජටාව විලාසිතාවක් බවට පත් කරගන්නට පෙරමුණ ගෙන තිබේ. ඒ අනුව ජටා බෑන්ඩ් එක පසුගියදා ද The Gourmet Boutique හිදී එළිදැක්විණි. බෑන්ඩ් එක ගැන අදහස් දක්වමින් හිටපු විවාහක රූ රැජිණ කැරොලයින් කියා සිටියේ,

“මේ වෙද්දි අපේ රටේ බොහෝ දෙනා විවිධ වූ පිළිකා තත්වයන්ට මුහුණ දී තිබෙනවා. ඒ අයගේ රෝගී තත්ත්වයට ප්රතිකාර විදිහට සිදු කරනු ලබන කිමෝ තෙරපි නිසා හිසකෙස් ගැලවී යාම සාමාන්ය දෙයක්. නමුත් හිසකෙස් නැතිව ගිය පසු ඒ රෝගීන් සමාජය එක්ක මුහු වෙන්න මැලිකමක් දක්වනවා.

මොකද ඒ අය දිහා සමාජයේ අය බලන සානුකම්පිත බැල්ම පවා ඔවුන්ගේ මනසට කම්පනයක් එක් කරන බැවින්. ඒ නිසාම මම සහ චූලා පද්මේන්ද්රන් ඇතුළු අපේ කණ්ඩායම හිතුවා ජටාව එහෙමත් නැත්නම් ස්කාෆ එක හැමෝම අතර නිතරම භාවිතා වන විලාසිතාවක් බවට පත් කරන්න. ස්කාෆ් එක එහෙමත් නැත්නම් ජටාව ස්ටයිල් එකක් උනාම සමාජය තුළ නිතර ඇස ගැටෙද්දී මිනිස්සුන්ගේ ආකල්ප පවා වෙනස් වෙනවා.

ඒ තුළින් යම් පිළිකාමය තත්වයක ඉන්න කෙනෙක්ට වුනත් සාමාන්ය විදිහට ලස්සන සමාජය එක්ක එකතු වෙන්න, වෙනදා වගේ තමන්ගේ සුපුරුදු කටයුතු කරගෙන යන්න, මානසික ශක්තියක් ලැබෙනවා. අනිත් විශේෂම කාරණාව එහෙම පිළිකාවක් හැදුණු කෙනෙක් තනිවෙලා නෑ අපිත් ඒ අය එක්ක ඉන්නවා කියන එකත් අපිට මේ තුළින් සමාජ ගතකරන්න අවශ්ය වුණා.

මේ සියලු කරුණු කාරණා නිසාම තමයි jata.lk නමින් ඕනම කෙනෙක්ට ඔන්ලයින් ඔස්සේ මිලදී ගැනීමට හැකියාව සැලැස්වීම සිදු කළේ. විශේෂයෙන්ම කියන්න ඕනේ මෙහිදී හැම මුදලක්ම බැර වෙන්නේ India Cancer Trust එකට. ඒ නිසා ආරාධනා කරනවා ආදරයෙන් හැමෝටම අපත් සමගින් එකතු වෙන්න කියලා.”

විවිධ ක්ෂේත්ර තුළින් ජනාදරයට පත් වුණු බොහෝ දෙනෙක් ජටා බෑන්ඩ් එක එළිදැක්වුණු මොහොතට පැමිණ සිටියා.

01.

02.

03.

04.

05.

06.

07.

08.

09.

10.

11.

12.

13.

14.

15.

16.

17.

18.

19.

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්