Feb
6

“මම පුංචි කාලේ ඉඳලම සරලව ජීවත් වුණා මිසක් අහස උසට බලාපොරොත්තු පොදි බැඳගෙන හිටපු කෙනෙක් නෙවෙයි” ප්‍රවීණ නිළි සුසන්තා චන්ද්‍රමාලි හෙලිකල සංවේදී කතාව

 
775 Views
   
 

සුසන්තා චන්ද්‍රමාලි කියල කියන්නේ මෙරට කලා ක්ෂේත්‍රය තුළ ඉන්න ජනප්‍රිය වගේම නිහතමානී ප්‍රවීණ රංගන ශිල්පිනියකි. වසර ගණනාවකට ඉහතදී කලා ක්ෂේත්‍රයට පිවිසෙන ඇයට මේවෙද්දී ක්ෂේත්‍රය තුළ සුවිශේෂ ගමනක් යාමට හැකිව තිබෙනවා. ඒ බව නොරහසක්. කොහොම නමුත් මාතර කඹුරුපිටිය කියන සුන්දර ගම්මානයේ උපත ලබන ඇය 1986 වසරේදී මාතර පැවති යොවුන්පුරය වැඩසටහනට සහභාගි වෙනවා. ඒ හම්බන්තොට දිස්ත්‍රික්කය නියෝජනය කරමිනුයි. එලෙස ඉදිරිපත්වන ඇය යොවුන් කුමරිය කිරුළ හිමිකර ගැනීමට වාසනාවන්ත වෙනවා

මේවෙනකොට කලාව තුළ ප්‍රවීණ රංගන ශිල්පිනියක ලෙස සුවිශේෂී ගමනක් යන ඇය සිය රංගන දායකත්වය ලබාදුන්නු පළමු නිර්මාණය වෙන්නේ ප්‍රවීණ රංගන ශිල්පී ඩග්ලස් රණසිංහ මහතාගේ රන්මසු උයන කියන ටෙලි නිර්මාණයයි. එලෙස කලාවට පිවිසෙන සුසන්තා මහත්මිය අනතුරුව ලාංකිකයන් විශාල පිරිසකගේ ආකර්ෂණය හිමිකර ගනිමින් මෙරට බොහෝමයක් නිර්මාණ සදහා සිය රංගන දායකත්වය ලබා දෙනවා. ඇත්තෙන්ම ඇයව අපට විශිෂ්ට නිර්මාණයන් රැසක් ඔස්සේ දැකගන්නට ලැබුණා

කෙසේවෙතත් සුසන්තා කියල කියන්නේ මේවෙනකොට ලාංකීය කලා ක්ෂේත්‍රයට ආදරණීය දියණියක් දායාද කරපු ආදරණීය මවක්. ඇගේ දියණිය තමයි තිසුරි යුවනිකා. ඇයත් සිය මව වගේම මෙරට කලා ක්ෂේත්‍රය තුළ ජනප්‍රියත්වයට පත් රංගන ශිල්පිනියක්. කොහොම නමුත් පසුගිය කාලයේ සුසන්තා චන්ද්‍රමාලි මහත්මියට නොසිතූ ආකාරයේ රෝගී තත්වයකට ගොදුරු වීමට සිදුවුණා. ඒ පියයුරු පිළිකා රෝගී තත්වයකටයි. ඉතින් මේ ආකාරයට නොසිතූ ලෙස රෝගී තත්ත්වකට මුහුණ දුන්නු ඇයව කිසිම කෙනෙක් තනි කළේ නැහැ

ඇත්තෙන්ම ඇයත් සමගින් ඇගේ පවුලේ ඥාති හිත මිතුරන් පමණක් නොවෙයි කලා ක්ෂේත්‍රය තුළ ඉන්න හැමෝමත් හිටියා. ඉතින් ඔවුන්ගෙන් තමන්ට ලැබුණු ආදරය සහ අනුකම්පාව පිළිබඳ ඇය පසුගිය දිනක සති අග පුවත්පතකට අදහස් දක්වලා තිබුණා. ඒ මෙලෙසයි

” මම හරිම වාසනාවන්තයි කියලා මට හිතුනේ මම අසනීප වුණු වෙලාවේ. මගේ සැමියා දුව පුතා වගේම අම්මා තාත්තා සහෝදර සහෝදරියො සියලුම දෙනා ඒ වගේම මිතුරු මිතුරියන්ට අමතරව මට ආදරේ කරන තවත් කී දෙනෙක් නම් ඉන්නවද කියලා මට තේරුනේ අසනීප වුණු අවස්ථාවේ. ඒක තමයි කලාකාරිනියක් වීම පින.
මේ ජීවිතය තුල අපිට හොඳ වගේම නරකත් බාරගන්න වෙනවා. හැමදේම මගේ හොඳට ලැබුණා වගේ මමත් අසනීප වුණා දැන් ඒ තත්වෙ සුවයි. ඒ අවස්ථාවේ වෛද්‍යවරු හෙද හෙදියෝ වගේම අනිකුත් කාර්ය මණ්ඩලය මට දක්වපු ආදරේට මම හැමදාමත් ස්තුතිවන්ත වෙනවා”

ඉතින් මේ ආකාරයට පසුගියදා අදහස් දක්වපු ඇය කියා සිටියේ දැන් නැවත වරක් කලා කටයුතුත් එක්ක එකතුවෙලා වැඩ කටයුතු කරන්න පුළුවන් මට්ටමක තමන් පසුවෙනවා කියලයි. කොහොම නමුත් සුසන්තාගේ දියණිය මේවෙනකොට විවාහකයි. සුසන්තා මහත්මියනම් කියන්නේ විවාහ වෙන්න කලින් තමන් බෑණාගෙන් පොරොන්දුවක් ගත්තා කියලයි. ඒ දුවත් එක්ක එයාලගේ ගෙදර ඉන්න ඕනෙ කියන තීරණයට. ඉතින් එලෙස ගත් පොරොන්දුවත් සමගම ඔවුන් මේවෙනකොට ඉතාමත් සතුටින් කාලය ගත කරනවා

මේ ප්‍රවීණ රංගන ශිල්පිනියගෙන් අනාගතයේදී මොනවගේ බලාපොරොත්තුද හිත ඇතුලෙ තියෙන්නෙ කියලා අහපු වෙලාවේ ඇය ලබා දුන්නේ මෙන්න මේ වගේ පිළිතුරකුයි

” මම පුංචි කාලේ ඉඳලම සරලව ජීවත් වුණා මිසක් අහස උසට බලාපොරොත්තු පොදි බැඳගෙන හිටපු කෙනෙක් නෙවෙයි. අදටත් ඒ ගති පැවතුම් ඒ විදිහමයි. නමුත් හිතපු නැති විදිහට ලස්සන ප්‍රීතිමත් ජීවිතයක් ලබන්න තරම් මම වාසනාවන්ත වුණා. දැන් තියෙන එකම ආසාව තමයි මගේ දුවගේ දරුවෙක් ගේ මූණ දකින එක. අනිත් හැමදේම වගේ ඒ බලාපොරොත්තුවත් ඉක්මනින් ඉටු වෙනවා කියල මම විශ්වාස කරනවා” යනුවෙනුයි. ඉතින් ඇගේ මේ සියලු ප්‍රාර්ථනාවන් සහ බලාපොරොත්තු සියල්ල සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා කියල අපි හදවතින්ම ප්‍රාර්ථනා කරනවා

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්