Aug
17

රට වැසීම සහ අපේ අනාගතය

 
2107 Views
   
 

හෙට තීරණයක් ගත්තොත් වහමු කියල ඒක වෙනම කථාවක් . ඕනම හෙනෙකුට කියන්න පුළුවන් වහන්න කියල ඒත් මේ ප්‍රශ්ණෙට කා ලගවත් උත්තර නෑ.

අපි දන්න විදියට ගොඩක් රජයේ සේවකයො කැමතියි රට වහනවට මොකද ඒගොල්ලන්ගෙ පඩිය වෙලාවට බැංකුවට වැටෙන හින්ද. රට වැහුව වුණත් අපනයන ක්ෂේත්‍රයෙ ඉන්න කට්ටියටත් ප්‍රශ්ණයක් නෑ. මොකද ගොඩක් අපනයන ක්ෂෙත්‍රවල තියෙන්නෙ කඩා වැටීමක් නෙමේ වර්ධනයක්.

රට වැහුවොත් ද රු ණු වටම බලපාන කට්ටිය තමා එදා වේල හම්බ කරන් කන කට්ටිය. ඒ කියන්නෙ කුලී වැඩකරුවො. වහපු ගොඩක් රටවල් ඇරියට පස්සෙ වුණත් කොරෝනා ව්‍යාප්ත වෙලා තියෙනව කියල අපිට වාර්තා බැලුවම හිතා ගන්න පුළුවන්. සමහර වහන රටවල් වල ආර්ථිකය අපිට වඩා ගොඩක් ප්‍රබලයි.

අපේ එන්නත්කරණය වේගයෙන් කරගෙන යනව. ඒකට උපරිම සහයෝගය හමුදාවෙන් ලැබෙනව කියල පෙනෙනව. බස්නාහිර පලාතෙ 60% විතර එන්නත විදල ඉවරයි. කොරෝනා වසංගතය දරුණුවටම පැතිරුණු ගොඩක් රටවල් එන්නත දුන්නට පස්සෙ සතුටුදායක මට්ටමකට පාලනය වෙලා කියල අපිට පෙනෙනව. මේක වෙ ඩි ති ය ල දාල ඉවරකරන්න පුළුවන් දේකුත් නෙමේ. ස්වයං පාලනයකුත් අත්‍යවශ්‍යයි. අපි දකිනව සමහර වෙළද සංගම් කතාවෙලා අදාළ ප්‍රදේශ තමන් විසින්ම ලොක් ඩවුන් කර ගන්නව. එන්නත විදල යම් මට්ටමකට මේක පාලනය කරනකම් අපිට මේ වගේ තමා යන්න වෙන්නෙ.

තව මාසෙකින් විතර ජනගහනයෙන් වැඩි ප්‍රතිශතයකට එන්නත විදින ඉලක්කයකුත් තියෙන බව පේනව. කොරෝනා වසංගතය ලෝකෙ පවතින තාක් කල් අපි විසින් අපිටම ස්වයං වා‍රණයක් දාගෙන ජීවත් වෙන්න තමා වෙන්නෙ කියන යතාර්ථයට අපි මූණ දිය යුතුමයි.
(උපුල් දේවප්‍රි)

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්