Dec
22

ප්‍රේම සම්බන්ධයට විරෝධය පා පියා සහ බාප්පා ගැසූ පහරවල් වලින් දියණිය මරුට – VIDEO

 
2949 Views
   
 

ගම්පොළ පොලිස් වසමේ මවුන්ටෙම්පල් ප්රදේශයේ දී 14 හැවිරිදි දැරියකට සිදුකළ පහරදීමක් හේතුවෙන් එම දැරිය මියගොස් තිබේ. ප්රේම සම්බන්ධතාවයක් හේතුකොටගෙන දැරියගේ බාප්පා විසින් ඊයේ (21) එම පහරදීම සිදුකර ඇත.

පසුව ඊයේ අලුයම් කාලයේදී එම දැරියට අසනීපවී කෙඳිරිගාමින් සිටියදී දැරියගේ පියා විසින් නිදාගැනීමට නොදෙන බව පවසමින් යළිත් දැරියට පහර දී තිබේ.

අනතුරුව දැරියව මව විසින් අසල නිවසකට කැඳවාගෙන ගොස් ඇති අතර එහිදී එම දැරිය සිහිසුන් වීම හේතුවෙන් ගම්පොළ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇති බව පොලීසිය පවසයි.

එලෙස මිගොස් ඇත්තේ, 14 හැවිරිදි නිපුනි නුවන්තිකා බණ්ඩාර නැමති ගම්පොළ ප්රසිද්ධ බාලිකා පාසලක ඉගෙනුම ලැබූ සිසුවියකි.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් දැරිගගේ පියා සහ බාප්පා අත් අඩංගුවට ගෙන ඇති බව පොලීසිය සඳහන් කරයි. සිද්ධිය සම්බන්ධයෙන් ගම්පොළ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්