Mar
2

ශ්‍රී ලංකාවේ නගර සංවර්ධනය එහි වැදගත්කම

 
971 Views
   
 

අදාළ ස්ථානයන්හි පෞරාණික භාවය ආරක්ෂා කර ගනිමින් කුරුවිට හා බලංගොඩ නගර සංවර්ධනය අවසන් අදියරට පැමිණ ඇත. අග්රාමාත්ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ උපදෙස් පරිදි සියක් නගර වැඩ සටහනේ එම ව්යාපෘති ක්රියාත්මකයි. දෙස් විදෙස් සංචාරක ආකර්ෂණය , ආර්ථික වටිනාකම ඉස්මතුවන ආකාරයෙන් මෙය ක්රියාවට නංවා ඇත. නව සංවර්ධන ව්යාපෘති සහිත මෙම නගර ළඟදීම ජනතා අයිතියට පත් කිරීමට නියමිතයි.

කුරුවිට පැරණි දුම්රිය ස්ථානය අළුත්වැඩියා කෙරෙන්නේ ද එහි පෞරාණික බව ආරක්ෂා වන පරිදි ආර්ථික වටිනාකම ද ඉහළ යන ආකාරයෙනි. ඒ අවට උද්යානයක් ද ඉදිකෙරෙන අතර එම පරිශ්රයේදී අවට විවේකී සුවයෙන් ගත කිරීමටද අවස්ථාව හිමි වේ. බටදොඹලෙන, මැණික් කෞතුකාගාරය , ඇතුළු පුරාවිද්යාත්මක වටිකම් රැසක් සහිත කුරුවිට නඟරය දෙස් විදෙස් සංචාරකයන්ගේ ඉහළ ආකර්ෂණයට ලක් වූ ප්රදේශයකි.

දෙල්ගමුව රජමහ විහාරය , රත්නපුර මහ සමන් දේවාලය ශ්රී පාදස්ථානයට යන මාර්ගය ද ප්රදේශයේ පිහිටා ඇති බැවින් අදාල ස්ථාන රැසක් සංවර්ධනයට අපේක්ෂිතයි . බළංගොඩ සංචාරක ආකර්ශනීය ස්ථාන රැසකින් සමන්විත තවත් ප්රදේශයකි. එම නගර සංවර්ධනය යටතේ ඇවිදින මංතීරුව 800M ක් පමණ දුරක් අලුතින් ඉදිකර ඇත. ප්රධාන නගර බවට පත්විය යුතු ග්රාමීය හා අර්ධ ග්රාමීය නගර රැසක සංවර්ධන කටයුතු මේ වනවිටත් අවසන් වී ඇත.

මෙය සිදුකරනු ලබන්නේ නාගරික සංවර්ධන අධිකාරිය මගින් වන අතර ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සෞභාග්යයේ දැක්මේ දුන් ප්රතිඥාවකි . දිවයින පුරා මූලික ජන අවශ්යතා හඳුනාගනිමින් ක්රියාත්මක කෙරෙන මෙම වැඩසටහනින් මේ වනවිට තවත් නගර කිහිපයක සංවර්ධන කටයුතු මේ වනවිට සිදුවෙමින් පවතී. සියලු සංවර්ධන කටයුතු නිමවීමෙන් පසු ජනතා අයිතියට පත් කිරීමට නියමිතයි. දිනෙන් දින ගමින් ගම සිසාරා සිදු කෙරෙනු ලබන සංවර්ධනය රටේ ජනතාවගේ සියළු ජීවන කටයුතු තව තවත් පහසු කරවනු ඇත.

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්