Feb
24

පුෂ්පිකා ට තවත් හුටපටයක් – පිලියන්දල පොලීසියට කැඳවයි

 
859 Views
   
Another-scuffle-with-Pushpika---Piliyandala-police-summoned  

කිරුළ අහිමි වූ විවාහක රූ රැජිනක වන පුෂ්පිකා ද සිල්වාට ඊයේ උදෑසන පිළියන්දල පොලිසියට පැමිණෙන ලෙස දන්වා ඇතැයි පිලියන්දල පොලිස් ස්ථානාධිපතිවරයා පවසා ඇති බව සඳහන් වෙයි.

මෙලෙස පුෂ්පිකා ද සිල්වාට පිලියන්දල පොලිසියට පැමිණෙන ලෙස දන්වා ඇත්තේ පසුගිය 14 වන දින මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම ගේ පිළියන්දල පිහිටි නිවසට එල්ල කෙරුණු ගල් සහ අසූචි ප්‍රහාරය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා බවයි ස්ථානාධිපතිවරයා පැවසුවේ.

මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම මේ හිටපු විවාහක රූ රැජන සමඟ සම්මුඛ සාකච්ඡාවක් පවත්වා තිබුනා.

එහිදී ඇය විසින් ලෝක විවාහක රූ රැජන තරගාවලිය සහ ඒ සඳහා එක් වූ මෙරට සංවිධායකයින් සම්බන්ධයෙන් මතභේදයට තුඩුදෙන කරුණු රැසක් අනාවරණය කළා.

එම සම්මුඛ සාකච්ඡාවෙන් අනතුරුව මෙරට ප්‍රථම ලෝක විවාහකක රූ රැජින වන රෝසි සේනානායක ඇයට විරුද්ධව එන්තරවාසියක් යොමු කළේ එම සම්මුඛ සාකච්ඡාවේ දී ප්‍රකාශ වූ අදහස් හරහා ඇයගේ කීර්තිනාමයට හානි වූ බව පවසමින්.

ඒ හරහා ඇය රුපියල් මිලියන පන්සීය වන්දියක් ද පුෂ්පිකා ද සිල්වා ගෙන් ඉල්ලා සිටියා.

හෙට සිදු කෙරෙන ප්‍රශ්න කිරීම් වලදී මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රම ගේ නිවසට එල්ල වූ ප්‍රහාරය සම්බන්ධයෙන් ඇය දන්නා යම් තොර තොරතුරක් වේ නම් ඒ සම්බන්ධයෙන් විස්තර ලබා ගැනීමට අදහස් කර සිටින බවයි පිළියන්දල පොලිස් ස්ථානාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියේ.!

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්