Oct
28

අද සිට “පපරේ” සංගීතයට ICC යෙන් අවසර හිමි වෙයි

 
1227 Views
   
 

මේ දිනවල සාජා හි පැවැත්වෙන විස්සයි විස්ස ලෝක කුසලානය සඳහා අද සිට ශ්රී ලංකාවේ අතිශය ජනප්රිය “පපරේ” සංගීතයට අවසර ලබා දී තිබෙනවා.

ජාත්යන්තර ක්රිකට් කවුන්සිලය මේ සම්බන්ධයෙන් වන සීමාවන් සංශෝධනය කර ඇති බවයි වාර්තා වන්නේ.

ක්රීඩා පිටියට සංගීත භාණ්ඩ රැගෙන ඒම තහනම් කර තිබූ නිසා ශ්රී ලංකා ක්රිකට් ලෝලීන් බොහෝ දෙනෙක් කළකිරීමෙනුයි පසු වූයේ.

ඔ්සට්රේලියාවට එරෙහිව අද පැවැත්වෙන ශ්රී ලංකා ක්රිකට් තරගයේ මේ සුවිශේෂි වෙනස දැක බලාගැනීමට දැන් ක්රිකට් ලෝලීන් නොඉවසිල්ලෙනුයි ඉන්නේ.

මීට පෙර පසුගිය ඉරිදා බංග්ලාදේශය සහ ශ්රී ලංකාව අතර පැවැති තරගයේදී සංගීත භාණ්ඩ රැගෙනගිය ප්රේක්ෂක කණ්ඩායමකට සාජා ක්රිකට් ක්රීඩාංගණයේ ආරක්ෂක අංශ විසින් ඒවා රැගෙන යාමට අවසර ලබා දී නොතිබුණි. ඉන් අනතුරුව ඔවුන් ඒවා සිය මෝටර් රථවල දමා ක්රිකට් තරඟය නැරඹීමට ගොස් ඇත.

ජාත්යන්තර ක්රිකට් කවුන්සිලයෙන් ලැබුණු අවසරයක් සමග බෙර, ඇත්තාල සහ හොරණෑව ආදී ශ්රී ලාංකික ක්රිකට් අනන්යතාව විදහා දක්වන පපරේ සංගීතයට අවශ්ය වාද්ය භාණ්ඩ රැගෙන යාමට අද සිට ප්රේක්ෂකයන්ට අවසර හිමි වනු ඇත.

 

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්