Mar
3

” ඇත්තටම මට වගකිම් වැඩි නිසා තමයි මම රංගනයෙන් අයින් වෙන්නේ ” රටක් ආදරය කරන පුංචි පැංචි ප්‍රමුදි කරුණාරත්න

 
761 Views
   
 

ප්‍රමුදි කරුණාරත්න කියල කියන්නේ මීට වසර ගණනාවකට පෙරදී ලාංකිකයන් හැමෝම අතර ජනප්‍රියත්වයට පත් සුන්දර නිවේදිකාවක්. මීට වසර කිහිපයකට පෙරදී විකාශය කෙරුණු පුංචි පැංචි වැඩසටහනේ පුංචි නිවේදිකාව ලෙස කටයුතු කළ ඇයට නිවේදන හැකියාව පමණක් නෙවෙයි රංගන හැකියාවද පිහිටලා තිබෙනවා. ඒ බව නොරහසක්

කොහොම නමුත් සෝමරත්න දිසානායක අධ්‍යක්ෂණය කල සරෝජා චිත්‍රපටය ඔස්සේ සිනමාවට පා තබන ඇය ඒ සඳහා ප්‍රමුදි අන්තර් ජාතික සම්මානයද හිමිකර ගන්නවා. ඒ විතරක් නොවෙයි ඉරාන ජාතික සම්මාන උළලේදී සරෝජා චිත්‍රපටියේ රඟපෑම වෙනුවෙන් හොඳම ළමා රංගන ශිල්පිනියට හිමි සම්මානයෙන් පිදුම් ලබන්නටත් ඇය වාසනාවන්ත වෙනවා. කොහොම නමුත් කාලයක් පුංචි තිරයේ දකින්නට නොලැබුණු ප්‍රමුදි මේවෙනකොට ආදරණිය බිරිදක් වගේම දියණියන් දෙදෙනෙකු මවක්

ඒ කොහොම උනත් කලාවෙන් දැන් අයින් වෙලා ඉන්නේ තම පවුල වෙනුවෙන් කරන්න ඕනේ වැඩ නිසා කියලයි ඇයනම් කියන්නේ. කෙසේවෙතත් අපේ රටේ රංගන ක්ෂේත්‍රයේ වගේම නිවේදන ක්ෂේත්‍රයේ රැදිලා හිටිය ඇය අද වෙද්දී නම් කලාවෙන් ඇත් වෙලා තමයි ඉන්නේ. ඒ කොහොම උනත් දරුවන් දෙදෙනෙකුගේ මවක් උනත් ඇය දෙස බලන කෙනෙක්ට එහෙම වයසක් කියන්න බැහැ. ඒ තරමට ඇය සුන්දර පෙනුමකින් සමත්වෙනවා

ඒ කොහොම උනත් අද අපි කතා කරන්න යන්නේ මේ ජනප්‍රිය රංගන ශිල්පිනිය පිළිබඳවයි. කොහොමහරි ඉතින් ඇයව අපට මේ දිනවල රංගනය තුළින් දැකගන්නට නොලැබෙන අතර ඒ පිළිබඳ ඇයනම් කියන්නේ මෙන්න මේ වගේ කතාවකුයි

” මම රංගනයෙන් අයින් වෙලා අවුරුදු පහ හයක් වෙනවා. මම හිතුවා මාව රංගනයෙන් අයින් වුණහම ප්‍රේක්ෂකයින්ට අමතක වෙයි කියලා. ඇත්තටම එහෙම දෙයක් සිදුවෙලා නැහැ. මම රංගනය සහ නිවේදනය යන දෙකම කළේ කුඩා වයසේදී. හැබැයි මං වගේ චරිතයක් ආදර්ශයට අරගෙන අදත් පුංචි පැංචි වැඩසටහන විකාශය වෙනවා

මට ගොඩක් සතුටුයි ඒ ගැන. ලොකු ගමනක ආරම්භය පුංචි පියවරක්, අද ඉන්න නංගිලා මල්ලිලා ගොඩක් දක්ෂයි. මගේ පැටවු දෙන්නත් ඒ වැඩසටහන බලනවා. ඇත්තටම මට වගකිම් වැඩි නිසා තමයි මමත් රංගනයෙන් අයින් වෙන්නෙ.” කියලයි. ඉතින් කුඩා කාලයේදී කලාවට සම්බන්ධ වෙමින් මෙරට ජනයා අතර ජනප්‍රියත්වයට පත් ප්‍රමුදි කරුණාරත්නගේ ඉදිරි බලාපොරොත්තු සියල්ල සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වේවා කියල ඇයට අපි සුභපැතුම් එක් කරන්නෙමු

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්