Oct
4

විවාහ මංගල උත්සව පැවැත්වීමේ නීතිය තවත් මාස 2කින් කල් යයි, පොදු ප්‍රවාහනයටත් තවදුරටත් සීමා?

 
454 Views
   
 

මෙරට දෛනික ආසාදිතයින් සංඛ්‍යාව තවදුරටත් අඩු කර ගැනීමට නම් මංගල සහ අවමංගල උත්සව මෙන්ම පොදු ප්‍රවාහන සේවා සීමා කළ යුතු බව ශ්‍රී ලංකා මහජන පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා. එහි සභාපති උපුල් රෝහණ මහතා සදහන් කළේ විවාහ මංගල උත්සව සඳහා පනවා ඇති සීමාවන් මාස දෙකක කාලයක් ක්‍රියාත්මක කළ යුතු බවයි.

ඒ අනුව අවම පිරිසක් යොදාගනිමින් විවාහ ලියාපදිංචි කිරීම සහ යම් තරමක අවම සීමාවකින් එනම්, 25ක සීමාවකින් මාස දෙකක හෝ ගමන් කරනවානම් දැනට පවතින කොරෝනා තත්ත්වය අඩු කරගත හැකි බවයි උපුල් රෝහන මහතා ප්‍රකාශ කළේ. මේ අතර පොදු ප්‍රවාහන සේවාවද ආසන වලින් හරි අඩක් සිටින සේ මාසයක කාලයක් වත් ගමන් කළ යුතු බවත් ඉන් අනතුරුව තද බදයකින් තොරව සම්පූර්ණ ආසන ප්‍රමානය පිරීයනසේ ගමන් කළ හැකි බවත් උපුල් රෝහණ මහතා වැඩි දුරටත් ප්‍රකාශ කළා. ඒ අනුව මේම සීමාවන්ට යටත්ව ඉදිරි මාස දෙක තුළ සියලු දෙනා වගකීමෙන් කටයුතු කළහොත් ඉදිරියේදී දැනට පවතින කොවිඩ් 19 වසංගත තත්ත්වය අවම කරගත හැකි බවද ඒ මහතා කියා සිටියා.

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්