Jul
16

සංගීත සංදර්ශන ඇතුළු ක්ෂේත්‍ර කිහිපයකට අවසර

 
1511 Views
   
 

අද සිට ක්‍රියාත්මක වන නව සංචරණ සීමා ලිහිල් කිරීම් යටතේ තෝරාගත් ක්ෂේත්‍ර නවයකට පනවා තිබූ සීමා තවදුරටත් ලිහිල් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.

මේ අනුව ආගමික ස්ථාන විවෘතව තැබීමට අවසර ඇති අතර ආගමික උත්සව සඳහා වන සෞඛ්‍ය මාර්ගෝපදේශයන් වෙන වෙනම නිකුත් කිරීමට නියමිතයි.

එමෙන්ම සත්වෝද්‍යාන,වනජීවී උද්‍යාන ආදිය විවෘත කිරීමට නව ලිහිල් කිරීම් යටතේ ඉඩ ලැබෙනවා. සත්වෝද්‍යානවල ධාරිතාවෙන් 25%ක් නරඹන්නන් ඇතුළු කිරීමට නව ලිහිල් කිරීම් යටතේ ඉඩ ඇති අතර වනජීවී උද්‍යාන විවෘත කළ යුතුව ඇත්තේ දැඩි සෞඛ්‍යය විධිවිධාන යටතේයි. එමෙන්ම භෞතිකව සම්බන්ධ නොවන ක්‍රීඩා පුහුණුවීම් කටයුතු සහ ක්‍රීඩා තරඟ සඳහා ද නව ලිහිල් කිරීම් යටතේ අවසර ලැබෙනවා.

ළමා උද්‍යාන,නවාතැන් ස්ථාන,කඳවුරු බිම් සහ ඔට්ටු ඇල්ලීමේ ස්ථානද නව ලිහිල් කිරීම් යටතේ විවෘත කෙරෙනු ඇති. අද සිට ක්‍රියාත්මක වන නව සෞඛ්‍ය මාර්ගෝප මාර්ගෝපදේශ යටතේ ශාලාවන් තුළ පැවැත්වෙන සංගීත සංදර්ශන සඳහා ද අවසර ලබාදී ඇති අතර ඒ සඳහා සහභාගි කරගත හැක්කේ යොදාගනු ලබන ශාලාවෙන් 50% ක් වූ ප්‍රේක්ෂකයින් පිරිසක් පමණයි. කෙසේ වෙතත් නව සීමා ලිහිල් කිරීම් යටතේ එළිමහන් සංගීත සංදර්ශන සඳහා තවදුරටත් වා’රණයක් පැන වී තිබෙනවා.

 

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්