Aug
6

ප්‍රදේශ කිහිපයක පිපිරීම් සිදුවිය හැකියි!… යනුවෙන් ප්‍රචාරය වන පුවත් අ සත්‍යයි කලබල වෙන්න එපා

 
2053 Views
   
 

ප්‍රදේශ කිහිපයක පිපි රීම් සිදුවිය හැකි බවට සමාජ මාධ්‍ය ඔස්සේ සහ අන්තර්ජාලය ඔස්සේ අ ස ත්‍ය පුවතක් නිර්මාණය කර ප්‍රචාරය කිරීම සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇතැයි පොලිසිය පවසනවා.

මිරිහාන, නුගේගොඩ, ගල්කිස්ස, දෙහිවල, වැල්ලවත්ත සහ බම්බලපිටිය ප්‍රදේශ ආශ්‍රිතව පිපිරීමක් සිදුවීමට ඉඩ ඇති බවට මෙම පුවත ප්‍රචාරය වන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ කියාසිටියේ.

සමාජ මාධ්‍ය ඔස්සේ පළවන මෙම ප්‍රවෘත්තිය සම්පූර්ණයෙන්ම අ ස ත්‍ය බවට විමර්ශණවලදී හෙළිවී තිබෙනවා.

එය 2019 වසරේ අප්‍රේල් මස 25 වන දින කිසියම් පුද්ගලයෙකු විසින් යවන ලද පණිවුඩයක් වන අතර එම පුද්ගලයා අද දිනයේ යළිත් ව්‍යා ජ ආකාරයෙන් එය බෙදාහැර ඇති බවටයි පොලිසිය අනාවරණ කරගෙන ඇත්තේ.

එබැවින් එම ප්‍රවෘත්තිය සම්පූර්ණයෙන් අ ස ත්‍ය එකක් බවට ගල්කිස්ස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා විසින් කරන ලද විමර්ශනයකදී අනාවරණ වී තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියාසිටියේ මේ හේතුවෙන් අදාළ පුවත පිළිබඳ කිසිදු ආකාරයකින් ජනතාව කලබල විය යුතු නො මැ ති බවයි.

මෙම පුවත නිර්මාණය කළ පුද්ගලයන් මෙන්ම එය මුලින්ම නිර්මාණය කර බෙදාහැරි පුද්ගලයන් සම්බන්ධයෙන් ගල්කිස්ස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාගේ ඍජු අධීක්ෂණය යටතේ විශේෂ කණ්ඩායමක් මගින් විමර්ශන ආරම්භ කර තිබෙනවා. (hirunews)

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්