Dec
15

“හැමෝම හිතන් ඉන්නෙ මම තවම පොඩියි කියලා” – හිමායා සමුදි කියන කතාව

 
3380 Views
   
 

ඇය දැන් ටිකක් ලොකුයි. විවිධ නිර්මාණ හරහා පුංචි තරුවක් වුණු ඇය දැන් ඔබට සමීප වන්නේ අඳුන්ගිර ටෙලිනාට්යයේ “අක්කුනි” ලෙසයි. පෙනුමට වඩා වයසින් වැඩි වුණත් තවමත් ඇයට ළමා චරිත නිරූපණය කිරීමට හැකි පෙනුමක් තිබීමද විශේෂත්වයක් වනවා. හිමායා සමුදි විතාරණ ටික කාලයකට පස්සේ නැවතත් මව්රට හාට් පිටු අතරට සම්බන්ධ කර ගත්තේ ඇයගේ කලා දිවියේ හැඩ වැඩ ගැන ඔබට කියන්නයි.

කොහොමද ඉතින් ‘අක්කුනි’ ?

හොඳයි ඉතින්…

‘අක්කුනි’ ට ඊට ලැබෙන ප්රතිචාරවල වෙනසක් එහෙම තියනවද ?

එහෙම නෑ ඉතින් අනෙකුත් නිර්මාණ වල මම රඟපාන චරිත වලට වගේම හොඳ ප්රතිචාර ලැබෙනවා. අඳුන්ගිර ටෙලිනාට්ය වෙනස්ම කතාවක් නිසා ගොඩ දෙනෙක් එය නරඹනවා.

ඒ වෙනස් බව දැනුණේ කොහොමද ?

මොකද… අඳුන්ගිර ටෙලි නාට්යයේ සඳහන් වන කතාව 70 දශකවල සිදු වුණු කතාවක්. ඉතින් ඒ වගේ කතාවක් අපි අහලත් නෑ දැකලත් නැති නිසා මට අභියෝගයක් වුණු චරිතයක්. මමත් ආසාවෙන් බලන කතාවක් තමයි අඳුන්ගිර නාට්යය.

පොඩි අයියගෙන් ‘අක්කුනි’ ටත් කරදර තියෙනවද ?

මම තමයි ගෙදරම බාලම දුව. පොඩි අයියා ටිකක් සැරයි. වෙලාවකට මටත් බය හිතෙනවා අයියා කෑගහන විදිහට. හැබැයි ඉතින් අම්මයි, අත්තම්මයි අපි එක්ක විනෝදයෙන් තමයි කාලය ගෙවෙන්නේ. මම එක්ක වැඩිපුරම ඉන්නේ ‘තාරා’ තමයි. ‘සකූගේ’ ටෙලිනාට්යයේ ඔබ රඟපෑවා.

‘සකූගේ’ ලෝකයට ආරාධනා ලැබුණේ නැද්ද ?

ආරාධනා ලැබුණා. ඒත් මම සම්බන්ධ වුණේ නැහැ. මේ පාර සාමාන්ය පෙළ විභාගයට සම්බන්ධ වෙන නිසා. මම ‘සකුගේ’ ටෙලි නාට්යයේ රඟපෑවා කියලා දැන් මතකවත් නැතුව ඇති.

හිමාසා දුවට සම්මානයක් කීයක් විතර මේ වන විට ලැබිලා තියෙනවද ?

සම්මාන දෙකක් විතර ලැබිලා තියෙනවා. 2018 රයිගම් ටෙලි සම්මාන උළෙලේ ජූරියේ විශේෂ සම්මානයක් ලැබුණා. ‘ගිරිදුර්ග’ ඒකාංගික පෝය ටෙලිනාට්යයේ මගේ රංගනය වෙනුවෙන්. ඒ වගේම වයඹ පළාත් හොඳම සහාය නිළිය සම්මානය හිමි වුණා. ‘භාෂාවක්’ වේදිකා නාට්යයේ මගේ රංගනය උදෙසා.

අහිංසක චරිතයෙන් දු ෂ් ට චරිතයට මාරු උනේ කොහොමද ?

ජීවන් කුමාරතුංග මාමා අධ්යක්ෂණය කරන ‘ජීවා’ චිත්රපටියේ දුෂ්ට චරිතයක් තමයි මම රඟපාන්නෙ. මම මෙයට පෙර දුෂ්ට චරිතයක් රඟපාලා නැති නිසා මට එය වෙනස්ම අත්දැකීමක් වුණා. ‘ජීවා’ චිත්රපටය තිරගත වෙනකොට මට ආදරය කරපු අය මොන වගේ ප්රතිචාරයක් දෙයිද දන්නේ නැහැ ඉතින්.

දුව දැන් වයසට වඩා පෙනුමෙන් වෙනස් නේද ?

ඔව්. තවමත් හැමෝම හිතාගෙන ඉන්නේ මම පොඩි ළමයෙක් කියලා. මගේ වයස අවුරුදු දහසයක් විතර වෙනවා. හැබැයි ඉතින් වයසට වඩා මගේ ලොකු පෙනුමක් නැහැ. ඒකත් හොඳයි ඉතිං. එතකොට මට තව ළමා චරිත රඟපාන්න පුළුවන්නේ.

හිමායාගෙ අක්කා නිසා නේද රඟපාන්න හිතුණේ ?

ඔව්. මගේ අක්කා චිත්රපටයක රඟපෑවත් තවම එය තිරගත වුණේ නැහැ. අක්කා රඟපානවා දැකලා මට ආශාවක් ඇති වුණා රඟපාන්න. හැබැයි ඉතින් අක්කා දැන් රඟපාන්නෙ නැහැ.

තාත්තා යන ගමන් මග යන්නද දුවගේ ලොකුම බලාපොරොත්තුව ?

ඔව්. තාත්තා ගුරුවරයෙක්. මමත් කැමති නැටුම් ගුරුවරියක් වෙන්න තමයි.

කා ළඟද දැනට නැටුම් හදාරන්නේ ?

ජයත කරුණාසේකර සර් යටතේ භරත නැටුම් හදාරනවා. ඒවගේම ප්රමිලා මුදුන්කොටුව ගුරුතුමිය යටතේ මම උඩරට නැටුම් හදාරනවා.

 

වසන්ත විතාරණගේ

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්