Feb
23

” ඔනෙලි බොරු සෝබන නැති පොළවේ පය ගහලා ජීවත වෙන කෙල්ලෙක්, ඒ වුණත් ඔනෙලි මගේ හොඳ යාළුවෙක් විතරයි” සංගීත් සතරසිංහ

 
1088 Views
   
 

සංගීත් සතරසිංහ කියල කියන්නේ මේවෙද්දී ලාංකිකයන් විශාල පිරිසකගේ ආදරය දිනාගෙන ඉන්න ජනප්‍රිය වගේම කඩවසම් රංගන ශිල්පියෙක්. කොහොම නමුත් ඔහු ගැන කතා කරනවානම් ඔහුගේ පියත් අපේ කලා ක්ෂේත්‍රය තුළ ඉන්න ජනප්‍රිය රංගන ශිල්පියෙක්. ඇත්තෙන්ම සංගීත්ගේ ආදරණීය පියා තමයි සුරංග සතරසිංහ. ඇත්තෙන්ම කලා ක්ෂේත්‍රය තුළ ජනප්‍රියත්වයට පත් ඔහුව පිටපත් රචකයෙක් හැටියට හාස්‍ය උත්පාදක නාට්‍ය ගොන්නක් අපිට දායාද කරපු විශිෂ්ට ගණයේ නිර්මාණ ශිල්පියෙකු ලෙස හදුන්වන්න පුලුවනි

කොහොමහරි ඉතින් සිය පියාගේ ආභාෂයත් සමගින් ක්ෂේත්‍රයේ සුවිශේෂ ගමනක් යන සංගීත් අපූරු චරිතාංග රංගන ශිල්පියෙකු වෙනවා. පුංචි තිරයේ අපූර්ව ලෙස රංගනයේ යෙදෙන ඔහු මේ දිනවල විවේක සුවයෙන් නිදහසේ සතුටින් කාලය ගතකරන බවයි අපට දැනගන්නට ලැබුණේ. කෙසේවෙතත් ඔහු වර්තමානයේ තරමක් කාර්‍යබහුල වී සිටින්නේ ස්වර්ණවාහිනී නාලිකාවේ විකාශය කෙරෙන කොයි කවුරුත් හරිම ආසාවෙන් නරඹන, “පාර දිගේ” ටෙලි නාට්‍යය නිසාවෙනුයි

කෙසේවෙතත් ” පාර දිගේ” ටෙලි නාට්‍යයේ ඩේමියන් කියන චරිතය ඔස්සේ දැකගන්නට ලැබෙන ඔහු පහුගිය දවසක පුවත්පත් සාකච්ඡාවක් සමගින් එක්ව තිබුණා. එහිදී ඔහු සිය වර්තමාන ජීවිතය පිළිබඳ වගේම ඔහුගේ අලුත්ම තොරතුරු පිළිබඳව කතා කරල තිබුණා. කොහොමහරි ඉතින් තමන්ව විවේචනය කරන පිරිස් කණ්ඩායම් ගැන ඔහු කියන්නේ මෙහෙම කතාවකුයි

“ඕනෑම ක්ෂේත්‍රයන්හි පුද්ගලයන්ට කැමති අකමැති පිරිස් ඉන්නවානේ. ඒ වගේම වැරැද්දක් ඇතොත් ඒවා නිවැරදි කරන පිරිසකුත් ඒ අතරේ ඉන්නවා. ඒ වගේම හේතු රහිතව විවේචනය කරන පිරිසකුත් ඉන්වා ඒ අතරේ. ඉතින් එහෙම හේතුවක් නැතිව අසීමාන්තිකව විවේචනය කරද්දී ඒ දේවල් නැවත නැවත සිද්දධ වෙද්දී, කලාකරුවන්ට ආදරය කරන පිරිසගේ සිත් වලට ඒ මතයන් ඉබේම කා වැදෙනවා. මොන දේ වුනත් තමන් නිවැරදි නම් මොන විවේචනයක් වුණත් කලබල වෙන්න ඕනේ නෑ” කියලයි

ඒ වගේම මේ දිනවල යන රාවයක් තමයි සංගීත්, ඔනෙලි දෙදෙනා අතර ප්‍රේම සබදතාවයක් තිබෙනවා කියන රාවය. ඉතින් ඊට පිළිතුරු ලබා දෙමින් සංගීත් කියන්නේ මෙහෙම කතාවකුයි

“එහෙම කිසිම සම්න්ධයක් නෑ. ඒ වුණත් ඔනෙලියි මායි හරිම ෆිට්. ඒ වගේම අපි දෙන්නට නිර්මාණයන් කිහිපයකම ප්‍රධාන චරිතේ ලැබිලාත් තියනවා. ඔනෙලි බොරු සෝබන නැති පොළවේ පය ගහලා ජීවත වෙන කෙල්ලෙක්. ඉතින් ඒ හින්දා ඇගේ මෙවැනි අපූරු ගතිගුණයන් මගේ හිතට වැදුණා. ඒ වුණත් ඔනෙලි මගේ හොඳ යාළුවෙක් විතරයි” කියලයි

කොහොම නමුත් මේ විදිහට අදහස් දක්වපු මේ කඩවසම් රංගන ශිල්පියා ආදරය ගැන කතා කරන්න අමතක කළෙත් නෑ. ඉතින් සංගීත් සතරසිංහ අදරණීය කලාකරුවා ආදරය ගැන කියන්නේ මෙන්න මේ වගේ කතාවකුයි

“තාම නම් ජිවිතේ විවාහයක් ගැන හිතලා නෑ. ඒත් ඒ දේවල් ඒ කාලෙට සිද්ධ වේවි. වගකීමක් ඇතිව නිවැරදි අරමුණක් ඇතිව ගෞරවනීයව කෙනෙකුට ආදරය කරන්න පුලුවන් නම් එය සුන්දර හැඟීක් බවට පත් කර ගන්නට පුලුවනි. කොහොම නමුත් “ආදරේ”ට පුලුවන් ජීවිතයක් සුන්දර කරන්න වගේම ඒකේ අනිත් පැත්ත එහෙමත් නැත්නම් ජීවිතේ අපායක් කරන්නත්. ඒ හින්දා ආදරේට හරි පරිස්සමින් තමයි ආදරේ කරන්න ඕනේ” කියලයි

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්