Aug
27

ඇවිදින්න බැ රි කට්ටිය කියන්නෙ සර්, යද්දි යනවා අල්ලගෙන බෙහෙත් විද්දට පස්සේ – හො ර පාරේ ද රු ව න් ට ෆයිසර් දුන්නු හැටි, විදින්න ආවේ කම්බි වැටත් පැනලා – දෙන්නෙකුට වැඩ වරදියි – වීඩියෝ

 
957 Views
   
 

නී ති වි රෝධි අයුරින් වයස් සීමාව නො තකමින් ද රු ව න් පිරිසකට ෆයිසර් එන්නත ලබා දුන් එන්නත් මධ්‍යස්ථානයක් පිළිබඳව කළ අනාවරණයෙන් පසු එම මධ්‍යස්ථානයේ සිටි නිළධාරින් දෙදෙනෙකුට වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවිම් ලබා දි තිබෙනවා. හලාවත – කොක්කාවිල රජයේ විද්‍යාලයේ දී කුඩා ද රු ව න් ට ෆයිසර් එන්නත් ලබා දුන්නේ ඊයේ දිනයේදියි. හලාවත සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය මගින් මෙම එන්නත්කරණ මධ්‍යස්ථානය ක්‍රියාත්මක කළ අතර දිගු පෝලිම්වල රැදී සිටි ප්‍රදේශවාසින් චෝදනා කළේ එන්නත්කරණ මධ්‍යස්ථානය නිසි ක්‍රමවේදයකට අනුව ක්‍රියාත්මක නො වන බවයි.

ප්‍රදේශවාසීන්ගේ වි රෝධය මධ්‍යයේ ඉදිරිපස ගේට්ටුවෙන් ඇතැම් පිරිස් මධ්‍යස්ථානයට ඇතුල්වද්දී තවත් පිරිසක් පිටුපස පිහිටි වැටකින් රිංගා, පාසල් යන වයසේ ද රු ව න් කිහිපදෙනෙකු ද සමඟ එම ස්ථානයට පැමිණෙමින් සිටියේ නිලධාරීනියකගේ ද සහය ඇතුවයි.

වයස අවුරුදු 18ට අඩු ද රු ව න් සඳහා කිසිදු කො විඩ් මර්දන එන්නතක් ලබාදීමට මෙතෙක් මෙරට සෞඛ්‍ය බලධාරීන් අවසර ලබා දී නැ ති පසුබිමක මෙම මධ්‍යස්ථානයේ නිලධාරීන් ‍මෙලෙස ක්‍රියාකරන්නේ කෙසේද යන්න සම්බන්ධයෙන් එන්නත්කරණ මධ්‍යස්ථානය භාර වෛද්‍යවරයාගෙන් ප්‍රශ්න කළා. පසුව අදාළ සිද්ධිය සම්බන්ධයෙන් කළ විමසිමකදී පුත්තලම දිස්ත්‍රික් නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂිකා විශේෂඥ වෛද්‍ය දිනුෂා ප්‍රනාන්දු කියා සිටියේ මේ වනවිට සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇති බවයි. එමෙන්ම, සිද්ධියට සම්බන්ධ අදාළ එන්නත්කරණ මධ්‍යස්ථානයේ වෛද්‍යවරයෙකුට සහ පවුල් සෞඛ්‍ය සේවා නිළධාරිනියකට වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරුවීම් ලබාදුන් බව ඇය වැඩිදුරටත් සඳහන් කළා.

එසේම, වයඹ පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා විසින් පත්කරනු ලබන කමිටුවක් මගින් නිලධාරීන්ගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමට ද නියමිතයි. මෙම සිද්ධිය සම්බන්ධයෙන් ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යාතනයෙන් විමසීමක් කළා. එහි සභාපති මහාචාර්ය ශ්‍යාමන් රජීන්ද්‍රජිත් පැවසුවේ වයස අවුරුදු 18ට අඩු ළමුන් සඳහා එන්නත්කරණය සිදුකිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය සහ වසංගත රෝග විද්‍යාංශය සමඟ තවමත් ප්‍රාථමික අවධියේ සාකච්ඡාවක් පවතින බවයි.

එමෙනම්, මෙරට තුළ ද රු ව න් ට එන්නත්කරණය සිදුකරන්නේනම්, ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනයේ අධීක්ෂණය යටතේ එය සිදුකළ යුතු බව ඔවුන්ගේ මතයයි. එමෙන්ම, ෆයිසර් එන්නත ලබාදුන් මෙම එන්නත්කරණ මධ්‍යස්ථානයෙන් එන්නත් ලබා ගැනීම සඳහා දිවයිනේ විවිධ පළාත්වලින්ද පිරිස් පැමිණ සිටි ආකාරය ද දක්නට ලැබුණු බව හිරු වාර්තාකරු සඳහන් කළා. අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ සහ හිටපු අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී. එල් පිරිස් ද පසුගියදා අවුරුදු 12 පහළ ළමයින්ට ඉදිරියේදි එන්නත් ලබා දිමට කටයුතු කරන බව ප්‍රකාශ කළා.

 

 

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්