Apr
29

ආසාදිතයින් සදහා රෝහල්වල ඉඩපහසුකම් නොමැති වුවහොත් හෝටල් කිහිපයක් සකස් කරයි

 
1700 Views
   
 
පවතින කොරෝනා ව්‍යාප්තිය හමුවේ ආසාදිතයින් සදහා මෙරට රෝහල්වල ඉඩපහසුකම් නොමැති වුවහොත් ඊට අවශ්‍ය පියවර ගන්නා බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසනවා.

මාධ්‍ය ආයතනවල ප්‍රවෘත්ති ප්‍රධානීන් සමග අද පැවති සාකච්ඡාවකදී යුද හමුදාපතිවරයා සදහන් කළේ මේ වනවිටත් ප්‍රතිකාර කටයුතු කිරීම සදහා හෝටල් කිහිපයක් සකස් කරමින් ඇති බවයි.

මේ අතර කොරෝනා ව්‍යාප්තිය පාලන කිරීම සදහා සෑම පුද්ගලයෙකුමගේම සහාය අත්‍යවශ්‍ය බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පැවසුවා.

මේ අතර ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ තවත් ග්‍රාම නිලධාරී වසම් 6 ක් අද පෙරවරුවේ සිට හුදකලා කෙරුණා.

කොවිඩ් නයින්ටීන් පැතිර වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී, යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සදහන් කළේ එම ප්‍රදේශ ආශ්‍රිතව කොරෝනා වෛරසය ව්‍යාප්තවීම සැලකිල්ලට ගෙන එම පියවර ගත් බවයි.

හුදකලා කළ ග්‍රාම නිලධාරී වසම් අතරට උප්පුවේලි පොලිස්බල ප්‍රදේශයේ සුමේදංගපුර ග්‍රාම නිලධාරී වසම ද අයත්. ත්‍රිකුණාමලය පොලිස්බල ප්‍රදේශයේ මුදෝව්, කෝවිලඩි සහ ලින්ගානගර් යන ග්‍රාම නිලධාරී වසම් ද අද පෙරවරුවේ සිට හුදකලා කළ බවයි යුද හමුදාපතිවරයා සදහන් කළේ.

ඊට අමතරව චීන වරාය පොලිස් බල ප්‍රදේශයේ කවට්ටිකුඩා සහ චීන වරාය ග්‍රාම නිලධාරී වසම් ද හුදකලා කෙරුණා.

මේ අතර දිවයිනේ සෑම ප්‍රදේශයකින්ම කොරෝනා රෝගීන් වාර්තාවීම සැලකිල්ලට ගනිමින් දින කිහිපයකට රට වසා තබන ලෙස මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන් රජයෙන් ඉල්ලීමක් කරනවා. රට තුළ සිටින කොරෝනා රෝගීන් හදුනා ගැනීම සදහා එලෙස රට වසා දැමිය යුතු බවයි එම සංගමයේ සභාපති උපුල් රෝහණ නෙත් නිවුස් වෙත පැවසුවේ.

මේ, ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ.

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්