Oct
20

ජනතාවට නැතුවම බැරි කිරිපිටි

 
429 Views
   
 

ලංකාවෙ මිනිස්සු සිගරට් තරම්ම ඇබ්බැහි වුණු කිරිපිටි,පහුගිය දින කිහිපය තුල විශාල පෙරළියක් කිරීමට තරම් සමත් වුහ. ඔබ රෝහලකට ගිය විට දැන්වීම් පුවරු වල විදේශයන්ගෙන් ආනයනය කරන කිරිපිටි පානය නොකරන්නැයි බෝඩ් ගසා තිබෙනු දැනගත හැකිය.උදේට කිරි තේ එකක් නැත්තන් දවසම කිසිම දෙයක් කරගන්න බැරි උදාසීන කමක් අපේ අයට තියෙනවා. කිරිපිටි, සිමෙන්ති, LP ගෑස් හා තිරිඟු පිටි සදහා පනවා තිබු පාලන මිල ඉවත් කිරීම රජය විසින් තීරණය කිරීමත් සමග ඒ පිළිබද ඇතැම් අය මෙය පාරිභෝගිකයා සිදු වූ අසාධාරණයක් ලෙස පෙන්වා දීමටද උත්සහ දරනු ඇත. නමුත් සැබෑවටම සොයා බැලීමේදී මේ දිගින් දිගටම බැඳුණු හේතු ගණනාවක් මේ සඳහා පාදක වී ඇත.

ශ්‍රී ලංකාවේ දිනකට දියර කිරි අවශ්‍යතාවය ලීටර් මිලියන 700ක් වන අතර, ඉන් ශ්‍රී ලංකාව තුළ නිෂ්පාදනය කරනු ලබන්නේ ලීටර් මිලියන 374ක් පමණි. ලෝකයේ කිරි නිෂ්පාදනය කරන වෙනත් රටවල් වල කිරි ගවයෙකුගෙන් දෛනිකව ලබාගත හැකි කිරි ප්‍රතිශතය 28% වේ. ඊශ්‍රායලය වැනි රටවල දෛනිකව කිරි ගවයකුගෙන් ලබාගත හැකි කිරි ප්‍රමාණයේ ප්‍රතිශතය 40% පමණ වේ. නමුත් ලෝකයේ අනිත් රටවල් සමග සංසන්දනය කර බැලීමේදී ශ්‍රී ලංකාවේ දෛනික කිරි ගවයකු ගෙන් බාගත හැකි කිරි ප්‍රමාණය ප්‍රතිශතයක් වෙලා 4.3% වේ. ජාතික අවශ්‍යතාවයට අනුව කිරි පිටරටින් ආනයනය කිරීම අනිවාර්යෙන් සාදකයක් වේ.

මෙම ගැටලුව නිරාකරණය කර ගැනීම සඳහා පිළිවෙත් රාශියක් ජනතාව ලෙස ඔබටත් රජයටත් ගත හැකිය. ඉන් එක පිලියමක් වනුයේ ජාතික අවශ්‍යතාවය යම්තාක් දුරකට හෝ සම්පූර්ණ කරගත හැකි පමණින් නිෂ්පාදන ධාරිතාවය රට තුළ වර්ධනය කරගැනීම වේ. දැනට ලංකාවේ සිටින කිරි ගවයින් ඇවිදිමින් කෑම ගැනීම තුළින් හා ඔවුන්ට ඇති වන විඩාව, දහඩිය දැමීම යන හේතු පදනම් කරගනිමින් කිරි ප්‍රතිශතය අඩු වනු ඇත. නිෂ්පාදනය කෙරෙන කිරි ධාරිතාවය වැඩිකර ගැනීම සඳහා ගොවිපලවල් ආකාරයෙන් ගවයන් සෑදීම කළ යුතු වේ. ඒහිදී ඔවුනට අවශ්‍ය ආහාර උෂ්ණත්වය වැනි සාධක නිරන්තර අවධානයට යොමු කරමින් රැකබලාගෙන ගන්නේ නම් ඔවුන්ගෙන් දෛනිකව ලබා ගත හැකි කිරි අස්වැන්න වැඩි කරගැනීමට හැකිවේ.

ශ්‍රී ලංකාව කිරිපිටි පමණක් ආනයන කරනු ඇත, මුල්කාලීනව දියර කිරි ආනයනය කළ ද ඒ සඳහා වැඩි පිරිවැයක් ගබඩා පහසුකම් ආදී ගැටළු නිසාවෙන් වැඩි බදු මුදලකට යටත් වීමට සිදු වන බැවින් කිරිපිටි පමණක් ශ්‍රී ලංකාව ආනයනය කරනු ඇත. ජනතාව සඳහා දියර කිරි ලබා දීමේදී එම දියර කිරි සඳහා දැරීමට සිදුවන මූලික පිරිවැය මත අඩු මුදලකට දියර කිරි ලබා දීමට නොහැකි තත්ත්වයක් ද දියර කිරි බෙදාහරින ආයතන සතුව ඇති ගැටළුවක් වේ.
කිරි නිෂ්පාදනය කෙරෙන ප්‍රමුඛ පෙළේ රටවල් වල පවා පරිභෝජනය සඳහා යොදා ගනු ලබන්නේ දියර කිරි වුවද, ශ්‍රී ලංකාවේ වැඩිම ඉල්ලුමක් ඇති කිරිපිටි සඳහාය. කිරිපිටි ආනයනය කරන ‍රමුඛ පෙළේ රටක් ලෙස ශ්‍රී ලංකාව යම් දිනෙක කිරිපිටි ආනයනය නතර කරන්නේ නම් ඒ එම රටවල් වල ආර්ථිකමය පෙරළියක් කිරීමට තරම් මත් වන තරමට ශ්‍රී ලංකාව කිරිපිටි අපනයනය කරනු ලැබේ. ප්‍ර්‍රාදේශීයව දියර කිරි බෙදා හරින්නේ නම් කිරිපිටි භාවිතය අඩු කරන්නේ නම් මේ ආකාරයට ඩොලර් පිටරටට යන මාෆියාව ද නතර වනු ඇත.

කොවිඩ් වසංගතය සමග ශ්‍රී ලංකාවේ පමණක් නොව මුළු ලොවේම ආහාර, උපකරණ , පරිභෝජන අත්‍යවශය හා අතවශ්‍ය නොවන භාණ්ඩ හා සේවා වල මිළ ඉහල යාම සිදු වී තිබේ. නැව් ගාස්තු ඉහල යෑම. කිසිදු ආයතනයක් තම පිරිවැයට වඩා අඩු මුලකට පාඩු ලබමින් භාණ්ඩ හා සේවා අලෙවි කිරීමට සුදානම් නොමැති නිසාවෙන් ඔවුන් සිය භාණ්ඩ වෙළෙඳපොළට ලබා දීමට මැලි කමක් දක්වනු ලබයි. එවිට ඉල්ලුමට සරිලන සැපයුමක් නොමැති වීමෙන් තාවකාලික ලෙස භාණ්ඩ හිඟයක් වෙළෙදපොල තුල ඇති විය හැකි අතර, රජය විසින් අවම වශයෙන් භාණ්ඩ හා සේවා සදහා වැය වන පිරිවැය වත් ආවරණය වන ලෙස මිළ වැඩි කිරීමට අවස්ථාව ලබා දීමෙන් කෘතීම භාන්ඩ හිඟය වලක්වා ගත හැක.

මිල වැඩි කිරීමට අවස්ථාව නොලැබීම නිසාවෙන් පිරිවැය ආවරණය කර ගැනීමට රජය විසින් සහනාධාර ලබා දුන්නද, අවසානයේ සිදු වන්නේ එය පාවිච්චි කරන පාරිභෝගිකයාට මෙන්ම පරිභෝජනය නොකරන ජනතාවට ද බදු ගෙවීමට සිදු වීමයි. ආර්ථික විද්‍යාවට අනුව වෙළෙඳ පොළ මිල අනුව මෙරට මිළ තීරණය කිරීමට අවස්ථාව ලබා දීම මේ මොහොතේ කල හැකි හොදම විසදුම වනු ඇත. එවිට පාරිභෝගිකයා තම පරිභෝජන රටාව ඒ අනුව හැඩගස්සවා ගනිමින් කටයුතු කිරීමෙන් පමණක් මෙම ගැටළු සදහා පිළියම් සෙවිය හැකිය. ( ශම්මි)

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්