Feb
5

එයාට වයස 22යි, මට 36යි සුනිල් පෙරේරාගේ පුත් ගයාන් පෙරේරා සිය පෙම්වතිය ගැන කියන කතාව

 
2479 Views
   
 

මෙරට ගායන ක්ෂේත්‍රය තුළ ජනප්‍රියත්වයට පත් ගායන ශිල්පීන් අතර ඉන්න ලාංකිකයන් හැමෝගෙම ආදරය දිනාගත් ජනප්‍රිය ගායන ශිල්පියෙක් තමයි ගයාන් පෙරේරා කියලා කියන්නේ. වර්තමානය වනවිට මෙරට තරුණ පරම්පරාව අතර ජනප්‍රියත්වයට පත් ඔහු ගායනා කළ ගීත අතුරින් ඇයි කළේ, බොරුකාරි, නීල කඳුගැටේ, චන්ද්‍රයන් පිදූ, ඉරිදාට පල්ලියෙදි, රෑක එක රෑක වැනි ගීත අතිශය ජනප්‍රියත්වයට පත්වුණා. කොහොම නමුත් එලෙස ගායන ක්ෂේත්‍රය තුළ ජනප්‍රියත්වයට පත් ඔහුව අපට කාලයක් දැකගන්නට ලැබුණේනම් නැහැ

ඇත්තෙන්ම ඔහු වසර අටක කාලයක් ඇමරිකාවේ දිවි ගෙවපු අතර සිය පියා ප්‍රවීණ ගායන ශිල්පී සුනිල් පෙරේරා මහතාගේ වියෝවත් සමග ඔහු නැවතත් ලංකාවට ඇවිල්ල තිබෙනවා. කොහොමහරි ඉතින් එලෙස ලංකාවට පැමිණි ඔහු ඉතා සුළු කාලයකින් නැවතත් කළා ක්ෂේත්‍රය තුළ කැපී පෙනෙන චරිතයක් බවට පත්ව තිබෙනවා. ඒ ඔහු අලුත් ගීතයක්ද නිර්මාණය කිරීමත් සමගයි

කොහොමහරි ඉතින් මේ ජනප්‍රිය ගායන ශිල්පියා පහුගිය දවසක පුවත්පත් මාධ්‍ය සාකච්චාවක් සමගින් එකතුවෙලා තිබුණා. කොහොමහරි ඉතින් ඔහුගේ අලුත්ම ගීතයේ නම “හිතෙන තරම්”. එහි තනුව සහ පදරචනය දෙකම කරලා තියෙන්නෙත් ඔහු විසින්මයි. ඒ වගේම එහි රැප් කොටස ගායනා කරන්නේ මනසික් කියලා රැප් ගායකයෙක් කියලයි ඔහු කියන්නේ

ඒ වගේම වසර ගණනාවකට පස්සේ මේ විදිහට නිර්මාණයක් කළත් තමන්ට ලැබෙන ප්‍රතිචාරයන්ගේ කිසිම අඩුවීමක් වෙලා නැහැ කියලයි ඔහු කියන්නේ. තවද ඔහු කියා සිටියේ මේ ගීතයට මේ තරම් හොඳ ප්‍රතිචාර ලැබෙයි කියල තමන් නොසිතූ බවයි. ආදරය සම්බන්ධයෙන් ගොඩක් හැඟීම්බර ගීත මම මීට කලින් ගායනා කරලා නැහැ කියල කියන ගයාන් කියන්නේ මේක විරහව සම්බන්ධ ගීතයක් කියලයි. ඒ නිසා මේක ටිකක් වෙනස් වැඩක්ලු. ඒත් එක්කම මේ ගීතයේ ගායනයටත් වඩා රංගනයට හොඳ ප්‍රතිචාර තමන්ට ලැබෙනවා කියලයි ඔහු කියන්නේ

කොහොම නමුත් නැවත ඩැඩී කණ්ඩායමේ ස්ථීර සාමාජිකයෙක් බලාපොරොත්තුවක් නැහැ කියන ඔහු කියන්නේ ඔවුන් එක්ක “Reunion Concert” එකක් කරන්න බලාපොරොත්තුවක් තියෙනවා කියලයි. ඒ වගේම ඔහු කියන්නේ තමන් මින් ඉදිරියට තනි පුද්ගලයකු වශයෙන් සංගීත ක්ෂේත්‍රයේ ඉන්නවා කියලයි

මේ විදිහට අදහස් දක්වපු ඔහු සිය ආදරය ගැන වගේම විවාහය ගැනත් අදහස් දැක්වීමට කටයුතු කර සිටියා. ඉතින් තමන්ට මේවෙනකොට පෙම්වතියක් ඉන්නවා කියන ඔහු කියන්නේ ඇය ලංකාවේ කෙනෙක් කියලයි ඉතින් ඒ වගේම ඇය තවම ඉගෙනගන්නවාලු. හැබැයි විවාහය ගැන නම් තවම හිතලා නැහැ කියලයි ඔහු කියන්නේ

ඒ වගේම සිය පෙම්වතිය තවම පොඩියි කියන ඔහු කියන්නේ ඇයට තවම වයස 22ක් පමණ කියලයි. ඒ වගේම මට 36යි කියලත් ඔහු කියා සිටියා. ඒ වගේම හොඳ ගීත නිර්මාණ කීපයක් කරලා එළිදක්වන්න බලාපොරොත්තුවෙන් තමන් බලාපොරොත්තුවෙන් ඉන්නවා කියලයි ඔහු අවසාන වශයෙන් කියා සිටියේ

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්