May
31

පාඩු ලබන ආයතන, පෞද්ගලීකරණය කිරීම

 
875 Views
   
 

ශ්‍රී ලංකන් ගුවන් සේවය පෞද්ගලීකරණය කළ යුතු බවට, අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කර කළේය. ශ්‍රී ලංකන් ගුවන් සේවය පමණක් නොව පාඩු ලබන එවන් ආයතන රාශියකි. මේවා ලාභ ලබන ආයතන බවට පත් කිරීම කාලෝචිතය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දායකත්වය ලබා ගැනීමටද එය රුකුලක් වනු ඇත.

ශ්‍රී ලංකා ජාතික ගුවන් සේවය 1998 වසරේදී එමිරේට්ස් ආයතනයට පවරා දෙන ලදී. එතැන් සිට එම සමාගම වසර දහයක් පුරා පාලනය කරනු ලැබුයේ එමිරේට්ස් පාලනාධිකාරය විසිනි. 1998 සිට 2008 දක්වා, නැවත පවරා ගන්නා තෙක්ම වසර 10 ක් ඔවුන් එයාර් ලංකා පද්ධතිය පාවිච්චි කරනු ලැබීය.

මෙම කාලය තුලදී, එයාර් ලංකා සමාගම සතුව තිබූ වාණිජමය වශයෙන් අගනා ගමනාන්ත, ෆෑන්ක්ෆර්ටි, මිලාන්, ඇම්ස්ටර්ඩෑම් ස්ටොක්හෝර්මි, හෙල්සින්කි, ෆ්‍රාන්ස්මෙල්බර්න් ඔවුන්ගේ ග්‍රහණයට හසුකර ගන්නා ලදී. එම වසර 10ක කලය තුළ කිසිදු එයාර් ලංකා ගුවන් යානයක් ඔවුන් යථාවත් කර නැත.

එනම් පැරණි ගුවන්යානා වෙනුවට නවතම ගුවන්යානා මිලදී ගැනීමක් සිදු කර නැත. එතෙක් මහාද්වීපික ගුවන් සමාගමක්ව පැවැති ශ්‍රී ලංකන්, හුදු කලාපීය ගුවන් සමාගමක් බවටද පත්කර තිබිණ. එමිරේට්ස් පවරා ගන්නා විට එයාලංකා සතුව ගුවන් යානා 21 ක් තිබිණ. ඒවා වසර 12 පමණ පැරණිය.

යාවත්කාලීන නොවීමත්, නඩත්තුවට අධික වියදමක් දැරීමටත් සිදුවීම 2008 වසරෙන් පසුව පසුව දිගටම පාඩු සිදුවිණ. එහෙත් එමිරේට්ස් යළි භාර දෙන විට ශ්‍රී ලංකන් ලාභය. ඩොලර් බිලියන 9.2 වූවද එය සාධනීය ලාභාංශයක් දැයි ප්‍රශ්නාර්ථයක්ව පැවතිණ.

ඊට හේතු වූයේ, ලාබයක් පෙන්වීමත්, ශ්‍රී ලංකන් අබලන් වීමත්, දෙකක් නොව එකක් වීමය. එයාලංකා පැරණි ගුවන්යානා 21 යාවත්කාලීන නොකිරීමත් පෙන්වූ ලාභාංශය ලීස් බැක් කර තිබීම හේතුවෙන් එය ලාබයකට වඩා දිගුකාලීන පාඩුවකට හේතුවක්ව පැවතිණ.
.
2008 පසුව ඇතිවූ ලෝක ආර්ථික අර්බුධයත්, රට තුළ දීර්ඝ කාලීන යුද්ධයක් පැවතීමත්, එවකට එයාර් ලංකා පාලනයට පත්කර තිබූ නුසුදුස්සන් නිසාත් ගුවන් සේවය ඊළඟ වසරේදී එනම් 2009 දී වාර්ෂික ශුද්ධ අලාභය ඩොලර් බිලියන 10 ක් ලෙස වාර්තා විය. එලෙස වර්ධනය වූ අලාභය 2015 වනවිට ඩොලර් බිලියන 128.2 ලෙස වාර්තා විය.

2009/2015 කාලයේදී ගත් එක් සුවිශේෂී සාධනීය පියවරක් වූයේ පැරණි ගුවන්යානා වෙනුවට නවතම ගුවන්යානා මිලදී ගැනීමට කටයුතු කිරීමයි. එලෙස නවීන A330/300 ගුවන් යානා 07ක්ද, A 350/900 අති නවීන ගුවන්යානා 07ක්ද විය. මෙම පටිපාටිය නිසිපරිදි ක්‍රියාත්මක වූවා නම් අද එයාලංකා පාඩු නොලබන ජාතික ගුවන් සේවයක් වීමට බොහෝදුරට ඉඩකඩ තිබුණි.

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්