Feb
22

” දැන් මම හැම නිර්මාණයකටම යන්නෙත් නැහැ මගේ පෙනුමට ගැලපෙන ආකාරයේ දේවල් විතරයි බාර ගන්නේ ” ජනප්‍රිය නිළි ඕෂධී හේවාමද්දුම

 
763 Views
   
 

ඕෂදී හෙවමද්දුම කියල කියන්නේ හැමදාමත් එකම ලෙසින් ලාංකීය ජනයාගේ ආදරය එක ලෙසින් දිනාගෙන ඉන්න ජනප්‍රිය රංගන ශිල්පිනියක්. ඇත්තෙන්ම ඇය මේවෙනකොට පුංචි තිරයේ පමණක් නොවෙයි සිංහල සිනමාව තුළත් සුවිශේෂ වු ගමනක් ගොස් තිබෙනවා. ඒ බව නොරහසක්. කොහොම නමුත් සුන්දර පෙනුමකට හිමිකම් කියන ඇගේ සුන්දර පෙනුම පිළිබඳ පසුගිය කාලයේ මෙරට ජනයා අතර විශාල කතාබහක් ඇතිව තිබුණා. කෙසේවෙතත් කලාවට පිවිසීමේදී තිබුණු ඒ සුන්දරත්වය අදටත් එලෙසින්මයි

කොහොමහරි ඉතින් කලාව තුළින් දැකගන්නට ලැබුණු ඕෂධීව අපට පසුගිය කාලයේ අපට දේශපාලන වේදිකාව තුළිනුත් දැකගන්නට ලැබුණා. ඉතින් මේ ආකාරයෙන් කාලයෙන් කාලයට විවිධ භූමිකාවන් ඔස්සේ දැකගන්නට ලැබෙන ඕෂධීව අපට වර්තමානයේදීනම් අලුත් කලා නිර්මාණ තුළින් දැකගන්නට ලැබෙන්නේ නැහැ. නමුත් ඇගේ සුන්දර පෙනුම නිසාවෙන්ම සමහර අය සමාජ මාධ්‍ය තුළ ඕෂදීගේ සුදු වීමේ රහස ගැනත් විවිද කතාවන් කියල තිබුණා

ඉතින් එලෙස තමන් පිළිබඳ හුවමාරු වෙන කතාවන්ට පිළිතුරු ලබා දෙමින් ඇය කියල තිබුනේ ලස්සන වෙන්න මම ගොඩක් මහන්සි වෙලා වැඩ කළා කියලයි. කොහොම නමුත් එදා නිරන්තරයෙන් පුංචි තිරයේ දඟකාර තරුණියක් ලෙසින් දැකගන්න ලැබුණු ඕෂධීව අපට නව නිර්මාණ තුළින් වැඩිය දැකගන්නට නොලැබුනත් ඇය වසර කිහිපයකට පස්සේ නැවතත් කළා නිර්මාණ වලට දායකත්වය ලබාදෙන්න තීරණය කර තිබෙනවා. ඒ අනුව ඇයව අපට මේ දිනවල සිහින ගෙනෙන කුමරියේ ටෙලිනාට්‍යයේ ” ශෙරීන් ” කියන චරිතය ඔස්සේ දැකගන්නට ලැබෙනවා

ඇත්තෙන්ම මේ ආකාරයට සිහින ගෙනෙන කුමරියේ ටෙලිනාට්‍යයේ ” ශෙරීන් ” කියන මේ චරිතයට ඇය උපරිමයෙන්ම සාධාරණය ඉටුකරනු ලබන බව නොරහසක්. කෙසේවෙතත් පුංචි දරුවාගේ ඉඳලා මහලු වියේ හැමකෙනෙක්ම ගොඩක් ආදරේ කරන චරිතයක් තමයි ඕෂදී කියන්නේ. අතීතයේදී නිරන්තරයෙන් කලා නිර්මාණවලට සිය රංගන දායකත්වය ලබාදුන්නු ඇයව වර්තමානයේ වැඩිය නව නිර්මාණයන්ට එක් නොවුනත් ඇගේ ජනප්‍රියත්වයේනම් කිසිදු අඩුවක් සිදුවෙලා නැහැ

ඇත්තෙන්ම එදා ලැබුණු ප්‍රේක්ෂක ආදරය සහ කළා ක්ෂේතරයේත් ලැබිලා තියන තැන එලෙසින්ම රැකගෙන ඉන්න රංගන ශිල්පිනියක හැටියට අපට ඇයව හදුන්වන්න පුලුවනි. කොහොම නමුත් ඇයනම් කියන්නේ මම දැන් හැම නිර්මාණයකටම යන්නෙත් නැහැ තමන්ගේ පෙනුමට ගැලපෙන ආකාරයේ දේවල් පමණක් බාරගන්නවා කියලයි. ඒ වගේම ඉදිරියේදීත් අධ්‍යක්ෂක වරු කිහිප දෙනෙක් එක්කම වැඩ ටිකක් කරන්නත් තියෙනවා කියලයි ඕෂදී කියන්නේ

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්