Oct
10

එන්නත්කරණයේ උපරිම සාර්ථකත්වයට ළඟාවේ

 
473 Views
   
 

මුලු ලෝකයටම ආදර්ශයක් වෙමින් අප විසින් කරගෙන ගිය එන්නත්කරණය එහි උපරිම සාර්ථකත්වයට පත්වෙලා කියන කරුණ් අපි දන්වන්නේ ඉතමත් සතුටින්. මෙහි මුල් අවස්ථාවේදී තිබ්බ මූලුඉක අඩුපාඩු ඉවත්කරගෙන හමුදාවත් සහභාගි කරගෙන කරපු මේ එන්නත්කරනය මේතරම් දුරට සාර්ථක වෙයි යන කරුණ අපිවත් බලාපොරිත්තු වුණේ .
කොච්චර සාර්ථකද කියනව නම් අපි දැන් තුන්වන මත්‍රාවත් ලබා දෙන්න පටන් අරගෙන කියන පුවතකුත් වාර්තා වෙනව. අපෙ එන්නත්කරණය මේතරම් දුරට සාර්ථකත්වයක් ලබා දීම ගැන සෞඛ්‍ය අංශයට වගේම අපේ හමුදාවට අපි සදා ණය ගැති විය යුතුමයි. ඊයේ දිනය තුල එන්නත්කරණය ගැන පල වෙච්ච වාර්තා අපිට මෙහෙම ගොනුකරන්න පුළුවන්.

‍වයස අවුරුදු 20ට වැඩි සියලු පුද්ගලයින් සඳහා තෙවන මාත්‍රාවක් ලෙස ෆයිසර් එන්නත ලබාදීමට තීරණය කර ඇත.
එහි ආරම්භක වැඩපිළිවෙල ලෙස අවුරුදු 60ට වැඩි වෙනත් ආබාධ තියෙන අය, ඒ වගේම ඉදිරිපෙළ සෞඛ්‍ය සේවකයින් ට හා ආරක්ෂක අංශ සාමාජිකයින්ට තුන්වන මාත්‍රාව ලෙස ලබාදීමට නියමිතව ඇත. ඒ සඳහා අවශ්‍ය එන්නත් මාත්‍රා මිලියන 14.5ක් මිලදී ගැනිමට අදාළ කටයුතු මේ වන විට සිදුකරමින් පවතියි. රාජ්‍ය ඖෂධ නීතිගත සමාගම ෆයිසර් සමාගමෙන් එන්නත් මාත්‍රා මිලි14.5ක ලබාගැනීමේ එකඟතාවයකට ඊයේ දිනයේ දී පැමිණ ඇත. .
පළමු හා දෙවන මාත්‍රාව සම්පූර්ණ කොට ඇති අපේ රටේ අවුරුදු 20ට වැඩි සියලුදෙනාටම එය බූස්ටර් එන්නතක් ලෙස ලබාදීමට තීරණය කොට ඇත.

පාසල් ළමුන් සඳහා සිදුකරනු ලබන එන්නත්කරණ වැඩපිළිවෙල අපිට මෙහෙම හදුන්වන්න පුළුවන් ඉදිරි සති දෙක තුළ උසස් පෙළ සිසුන්ට ෆයිසර් එන්නත් ලබාදෙන්න තීන්දු කොට ඇත. පාසල් තුල එම කටයුතු සිදුකිරීමට අදහස් කොට ඇත. මේ වන විටත් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරුන්ට සහ දිස්ත්‍රික් වසංගත රෝග විශේෂඥයින්ට මේ ගැන උපදෙස් ලබාදී ඇත. මේ සඳහා අවශ්‍ය ෆයිසර් එන්නත් මාත්‍රා යම් ප්‍රමාණයක් සෞඛ්‍ය අංශ සතුව දැනටමත් ඇත
ඉදිරි සති 3 තුළ තවත් එන්නත් මාත්‍රා ලක්ෂ 10ක් ලැබීමට නියමිතව ඇත. තවත් මාත්‍රා ලක්ෂ 17ක් නොවැම්බර් හා දෙසැම්බර් මාසවල ලැබීමට නියමිතව ඇත.

වසංගත රෝග විද්‍යා අංශයේ දත්තවලට අනුව මේ වන විට අපේ රටේ වයස අවුරුදු 20ට වැඩි ජනගහණයෙන් සියයට 83ක ප්‍රතිශතයක් කොවිඩ් මර්දන එන්නත්කරණය සම්පූර්ණ කර තිබේ. මේ අතර, ගත වූ දිනයේ පුද්ගලයින් 141,149 දෙනෙකුට කොවිඩ් මර්දන එන්නත් ලබදී ඇත. එහිදී පළමු එන්නත් මාත්‍රාව 15,502 දෙනෙකුට ලබාදී ඇති අතර දෙවන මාත්‍රාව 125,647 දෙනෙකු සඳහා ලබාදී තිබේ. මොන ප්‍රශ්ණ ආවත් අපි එදා යුද්දෙ අවසානයක් බලාගෙන හිටිය වගේම දැන් අපි කොරෝනා යුද්දෙ අවසන් වෙනකම් බලන් ඉන්නව. රටේ ආර්ථිකය යම් අවප්‍රාමණයකට ලක්වෙලා, රැකියා නැති වෙලා බොහෝ අංශ අඩපන වෙලා ඒත් අතිසාර්ථක එන්නත්කරණයක් අපි ජනතාවට ලබා දීල කියන කරුණ ගැන උපරිමයෙන් සංතෝෂ වෙන්න පුළුවන්. මේ යන විදියට 2022 වසර පටන් ගන්නකොටම අළුත් හුස්මක් ගන්න අපිට පුළුවන් වෙයි. ජනතාව හැටියට දැන් අපිට වගකීමක් වගේම යුතුකමක් පැවරිලා කියන කාරණාව අමතක නොකරන තාක් කල් කොරෝනා වසංගත‍ය අපිට පාලනය කරන්න පුළුවන් බව ස්ථීරයි.(උපුල් දේවප්‍රිය)

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්