Jun
22

සියලුම වර්ගවල ලන්ච්ෂීට් තහනම් කිරීමට පියවර

 
1321 Views
   
 

සියලුම වර්ගවල ලන්ච්ෂීට් තහනම් කිරීමට පියවර ගන්නා ලෙස පරිසර අමාත්‍ය මහින්ද අමරවීර අමාත්‍යාංශ නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබෙනවා. ඒ, ඊයේ (21) පරිසර අමාත්‍යාංශයේ පැවති සාකච්ඡාවකදියි.

ඉක්මණින් දිරාපත්වන ලන්ච්ෂීට් හඳුන්වාදෙන බවට ඇතැම් සමාගම් ප්‍රකාශ කර තිබුණද මේ දක්වා එම තීරණය නිසි පරිදි ක්‍රියාත්මක නොවූ බවයි අමාත්‍යවරයා සඳහන් කළේ. දැනට ලොව කිසිදු රටක ලන්ච්ෂීට් භාවිත නොකරන බව පෙන්වා දෙන පරිසර අමාත්‍යාංශය ලන්ච් ෂීට් භාවිත කරන එකම රට ශ්‍රී ලංකාව බව පවසනවා.

මෙරට ප්‍රධාන සමාගම් හතරක් විසින් මාසයකට ලන්ච් ෂීට් ටොන් හතත් අටත් අතර ප්‍රමාණයක් නිපදවනු ලබන අතර, වාර්ෂිකව මෙරට ලන්ච් ෂීට් භාවිතය ටොන් 106 ක්. ඒ අනුව දිනකට මෙරට පරිසරයට බැහැර කෙරෙන ලන්ච් ෂීට් ප්‍රමාණය අවම වශයෙන් මිලියන 10 ඉක්මවන බවට දළ වශයෙන් තක්සේරු කර තිබෙනවා.

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්