Aug
28

2021 ජූලි මාසය වෙද්දි තේ අපනයන ආදායම රුපියල් බිලියන 150ක්, බා ධ ක මැද සැලැස්මක් ඇතුව වැඩ කරන අපේ ජනාධිපතිතුමාට පුලුවන් වෙයි

 
832 Views
   
 

කො විඩ් වසංගතයත් එක්ක කොහේ බැලුවත් අපිට දකින්න අහන්න ලැබෙන්නේ ඉතාමත්ම අ සු භ වා දි දේවල්. ඒ වගේම රටේ ආර්ථිකය පැත්තෙන් ගත්තත් අහන්න ලැබෙන්නේ අසුභවාදි අදහස්. විපක්ෂයේ සමහරක් දේශපාලුවන් පවා නිතරම් කියන්නේ “රටේ ආර්ථිකය ඉවරයි , රට කඩන් වැටිලා , දේශීය නිශ්පාදනයන් ඉවරයි , අපනයනයන් සම්බන්ධයෙන් කතා කරලා වැඩක් නෑ” වගේ මස්තබාල්දු කතා. මෙන්න මේ වගේ කාලයක් තුළ දේශීය නිශ්පාදනයක් සැලකියුතු ප්‍රමාණයකින් ඉහළ යනවා කියන්නේ හිතාගන්නවත් බැ රි විදියේ පුදුමයක් නේ? අපිට උනත් හිතෙන්න පුලුවන් මේක හීනයක් වෙන්න ඇති කියලා. හැබැයි මේකනම් හීනයක් නෙමෙයි , අපිට මේ වෙද්දි පුලුවන් වෙලා තිබෙනවා කො විඩ් වසංගතය අස්සේ මුළු රටම අ ඩ ප ණ වෙලා තියෙද්දි දහසක් භා ධ ක ය න් මැද අපේ රටේ තේ නිශ්පාදනය ඉහළ දමන්න.

පසුගිය ජූලි මාසය වෙද්දි අපේ රටේ තේ නිශ්පාදනය කිලෝ ග්‍රෑම් මිලියන 187ක්. 2020 වසර සමග සැසඳීමේදි කිලෝ ග්‍රෑම් මිලියන 29ක වර්ධනයක්. ඒ විතරක් නෙමෙයි පසුගිය වසර 6ක කාලයක් සමග සැසඳීමේදි කිලෝ ග්‍රෑම් මිලියන 7ක වර්ධනයක්. මේකෙන් තේ නිශ්පාදනය විතරක් නෙමෙයි තේ අපනයන ආදායමත් ඉහළ ගොස් තිබෙනවා. අපිට හිතාගන්නවත් බෑ නේ? මොකද පහුගිය මාස කීපයක් පුරාවටම පොහොර ප්‍රශ්නයත් එක්කම රට වටින්ම අපිට අහන්න ලැබුනේ “තේ කර්මාන්තයත් ඉවරයි , පොහොර නැ ති නිසා මේ සැරේනම් තේ වලින් ලැබිච්ච ආදායමත් අපිට ලැබෙන එකක් නෑ” කියලා. ඒ එක්කම ආණ්ඩු විරෝධීන් එක රොත්තකට පොදි බැඳගෙන උඩ දාගෙන ප්‍රහාර එල්ල කරේ අතිගරු ජනාධිපතිතුමාට. හේතුව රසායනික පොහොර රටින් තුරන් කිරීමේ සංකල්පය ජනාධිපතිතුමාගේ නිසා. මෙන්න මේ කාරණය හයිලයිට් කරගෙන රසායනික පොහොර ගෙන්වන සමාගම්වල මුදල්වලට ආණ්ඩු වි රෝ ධී න් වසින් සමාජයේ මතයක් ගොඩනගන්න උත්සාහ කරා “මේ මහා විනාශය සිද්ද කරේ ජනාධිපතිතුමන්” කියලා. ඒ වෙනුවෙන් පොහොර සමාගම් ටික දිගින් දිගටම පොහොර හැංගුවා වගේම සමහර මාධ්‍යන් පවා තේ කර්මාන්තකරුවන්ව අල්ලගෙන වොයිස්කට් ගන්න පටන් ගත්තා “ජනාධිපතිතුමා මේ කරපු වැඩෙන් තේ කර්මාන්තයත් විනාශ උනා , දැන් තමන්ට මේ කර්මාන්තය කරගෙන යන්න බෑ” වගේ අදහස් සමාජගත කරන්න. හැබැයි ඇත්තටම හිතට සතුටක් දැනෙනවා මේ තරම් හැලහැප්පීම් මැද ඉතාමත්ම නිහඬව තමන්ගේ අරමුණ කරා ගමන් කරා වගේම තේ නිශ්පාදනය පහතට නො වැටි තබාගන්න අවශ්‍ය සියලු පහසුකම් තේ කර්මාන්ත කරුවන්ට ලබාදීමට ජනාධිපතිතුමා කටයුතු කිරීම ගැන.

අද කවුරුහරි කතාකරනවාද පොහොර ගැන? තේ ගැන? නෑ , කවුරුත් කතාකරන්නේ නෑ. මොකද දැනට මාස ගානකට කලින් තේ කර්මාන්ත කරුවන් වෙනුවෙන් , ගොවියන් වෙනුවෙන් කිඹුල් කඳුළු හලපු කට්ටියට සැබෑවටම අවශ්‍ය උනේ රටට හොඳක් සිද්ද කරන්න නෙ මෙ යි නිසා. ඉතින් ඒ කිසි කෙනෙක් අද තේ කර්මාන්තය ලබා තිබෙන ප්‍රගතිය ගැන වචනයකින්වත් කතා කරන්නේ නෑ. 2021 ජූලි මාසය වෙද්දි තේ අපනයන ආදායම රුපියල් බිලියන 150ක්. 2020 අවුරුද්දේ තේ අපනයෙන් ලැබූ ආදායම රුපියල් බිලියන 130ක්. පසුගිය වසර සමග සැසඳීමේදි මෙම වසරේ තේ අපනයන ආදායම රුපියල් බිලියන 20න් ඉහළ යෑමක්.

අ භියෝගයන් මැද මේ තරම් සාර්ථක ගමනක් යන්න පුලුවන් උනේ ජනාධිපතිතුමාගේ දැක්ම නිසයි. මේ ගමන යන්න සැලැස්මක් නැතුව බෑ නේ? රටේ අනාගතය සුබ වෙන්න නම් සැලැස්මක් ඇති නායකයෙක් ඉන්නම ඕනි. එහෙම නැතුව මේ විපක්ෂයේ ඉඳගෙන එක එක සුරංගනා කතා ටිකක් කිය කියා , හැම වෙලේම රට වහපන් ගගා , හරියට සල්ලි ගස්වලින් කඩනවා වගේ මිනිසුන්ට මෙච්චර ගානක් මාස් පතා නිකන් දියන් කියාගෙන පොර ටෝක්ස් දාන උන්ටනම් මේ වගේ වැඩවල් කරන්න බෑ. ඇත්තම කතාව ඒ අයට රට හදන්න මෙලෝ සැලැස්මක් නෑ , එහෙම සැලැස්මක් තියෙන මිනිස්සුනම් ඔය විකාර කතා කිය කියා විකාර නටන්නේ නෑ නේ?

ජනාධිපතිතුමා මේ ගමන යන්න මාස කීපයකට කලින් ඉඳලම සැලැසුම් කරා තේ මණ්ඩලය , කුඩා තේ වතු සංවර්ධණ අධිකාරිය සහා අදා ල අමතිවරුන් සමග සාකච්චා කරලා දීර්ගකාලීන සැලැස්මක් හදලා තමයි මේ තැනට ආවේ. කො විඩ් අස්සෙත් දහසක් බා ධ ක මැද සැලැස්මක් ඇතුව වැඩ කරන අපේ ජනාධිපතිතුමාට පුලුවන් වෙයි කො වි ඩ් වසංගතයත් ඉවර කරලා , 2024 ලං වෙද්දි රටේ ආර්ථිකයට ලොකු වෙනසක් ඇති කරන්න. සුබවාදීව හිතමු.(මොහමඩ් අක්රම්)

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්