
ජපානයේ මකෝ කුමරිය ඇගේ පාසල් සමයේ පෙම්වතා වූ කෙයික් කොමුරු සමඟ අද විවාහ දිවියට එළඹි තිබෙනවා. ජපාන නීතියට අනුව සාමාන්ය පුරවැසියෙකු හා විවාහ ගිවිස ගන්නා රජ කුමරියකගේ රාජකීය තනතුරු අහිමි වන අතර, ඇයට රාජකීය මංගල්යයක් ද හිමි වන්නේ නැහැ.
එමෙන්ම, රජ පවුලෙන් නික්මෙන විට ලැබෙන විශාල දීමනාවට ද ඇය හිමිකම් නොකියන බව සඳහන්. මකෝ කුමරිය සිය දෙමව්පියන් වූ කිරුළ හිමි ෆුමිහිටෝ කුමරු සහ කිකෝ කුමරිය වෙත කිහිප වරක් ආචාර කොට සිය සොහොයුරිය වැළඳගෙන ජපාන වේලාවෙන් අද උදෑසන 10ට පමණ විවාහ ලියාපදිංචිය සඳහා නික්ම ගිය බවයි ජපාන මාධ්ය සඳහන් කළේ.
මොවුන් අතර සම්බන්ධතාව ජපානයේ ඉමහත් ආන්දෝලනයට ලක් වූවක්. කෙසේ නමුත් විවාහයෙන් පසු මකෝ සහ කොමුරු ඇමරිකා එක්සත් ජනපදයේ පදිංචිය සඳහා යාමට නියමිතයි.
සාමාන්ය පවුලක තැනැත්තියක විවාහ ගිවිස ගන්නා ජපානයේ රජ කුමරෙකුට මෙලෙස රාජකීය වරප්රසාද අහිමි නොවීම විශේෂත්වයක්.
01.

04.