Jun
16

පාසල් විවෘත කිරිමේ තිරණය වෙනුවෙන් විශේෂ සාකච්ජාවක්

 
1243 Views
   
 

දරුවන්ගේ සෞඛ්‍යාරක්ෂිතතාවට ප්‍රමුඛත්වය දෙමින් හැකි ඉක්මනින් පාසල් විවෘත කිරීම රජයේ අභිලාසය බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා සඳහන් කළේය.

අමාත්‍යවරයා මේ බව සදහන් කළේ, පාසල් විවෘත කිරීමට පසුබිමක් ක්‍රමානුකූලව සකස් කිරීම සඳහා විශේෂඥ වෛද්‍යවරුන් සමග අධ්‍යාපන අමාත්‍යංශයේ දී පැවති සාකච්ඡාවක් අවසානයේ මාධ්‍යට අදහස් දක්වමිනි.

එහි ප්‍රථම පියවර එන්නත්කරණය බවත් ඒ සඳහා දළ වශයෙන් එන්නත් මාත්‍රා 279,020ක් පමණ අවශ්‍ය බවත් එසේ විවෘත කිරීමේ දී ඇතිවන ගැටලු සම්බන්ධව දීර්ඝ වශයෙන් සාකච්ඡා පැවැත්වෙන බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවසුවේ, දුරස්ථ අධ්‍යාපනය කිසිසේත් පන්ති කාමරය තුළ ගුරුවරයා සමග සිදු කෙරෙන අධ්‍යාපනය මෙන් සතුටුදායක විකල්පයක් නොවන බවයි.

කෙසේ වෙතත් මේ වනවිට අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කර ඇත්තේ, විශේෂඥ වෛද්‍යවරුන්ගේ උපදෙස් සහ නිර්දේශ මත පමණක් පාසල් විවෘත කළ යුතු බවටයි.

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්