Feb
16

” කාගෙවත් ජීවිත වල ප්‍රශ්න මට එකතු කරගන්න මම කැමති නැහැ” ජනප්‍රිය රංගන ශිල්පිනී හංසනී විමලසිරි

 
731 Views
   
 

හංසනී විමලසිරි කියල කියන්නේ මේවෙද්දී රංගන ශිල්පිනියක හැටියට වගේම ගායන ශිල්පිනියක ලෙසත් මෙරට කලා ක්ෂේත්‍රය තුළ ජනප්‍රියත්වයට පත් චරිතයක්. ඇත්තෙන්ම වසර කිහිපයකට පෙරදී රංගන ශිල්පිනියක ලෙස ක්ෂේත්‍රයට පිවිසෙන ඇය ” සංගීතේ” ටෙලි නිර්මාණය ඔස්සේ මෙරට ජනයා අතර ඉමහත් ජනප්‍රියත්වයක් හිමිකර ගන්නවා. ඒ බව නොරහසක්. කොහොම නමුත් දෙරණ නාලිකාවේ විකාශය වන සංගීතය ටෙලි නාට්‍යය හරහා රටම හදුනාගත් ඇය මේවෙනකොට ආදරණීය මවක්. ඉතින් අද අපි කතා කරන්න යන්නේ ඇයත් සමගිනුයි

කොහොමහරි ඉතින් හංසනී කියල කියන්නේ රංගනයට වගේම ගායනයටත් දක්ෂ චරිතයක්. ඉතින් ඔබ ජීවිතයේ අහන්න ආස කරන සිංදුව මොකක්ද කියල කිව්වොත් ?

එහෙම විශේෂ සිංදුවක් නැහැ. මම ගීත අහන්න කැමති ගායක ගායිකාවෝ කිහිප දෙනෙක් ඉන්නවා. එයාලගේ ගීත අහන්න මම කැමතියි. ඒ අයගේ ගීත වලට මම ගොඩක් ආස කරනවා. නන්දා මාලනි මහත්මිය, උමාරියා මහත්මිය, ටී එම් ජයරත්න මහතා වගේ ගායක ගායිකාවෝ ඒ අතර ඉන්නවා. මම නිතරම අහන්නේ ඒ අයගේ සිංදු.ඒ අතර මම තවත් කැමති කටහඬක් තමා නවීන් කියන්නේ. ඒ හඩ නම් මට නිරන්තරෙන් ඇහෙන කටහඬක්

ඇත්තටම හංසනී ජීවත් වෙන්න කැමැති කොයි විදිහටද කියල අපි ඇහුවොත් ?

මම කැමැතියි කාටවත් ප්‍රශ්නයක් ඇති නොකර ජීවත් වෙන්න. කාගෙවත් ජීවිත වල ප්‍රශ්න මට එකතු කරගන්න මම කැමති නැහැ. මම පුලුවන් තරම් කැමති අනිත් කෙනාට උදව් කරගෙන මේ ගමන යන්න. ඇත්තටම මට ඕනේ ජීවිතේ සතුටින් ජීවත් වෙන්න. මොකද ජීවත්වෙන්න බලාපොරොත්තු ඇති වෙන්නේ අපේ හිතේ සතුට තිබුනොත් විතරයි

කොහොමහරි ඉතින් මේ විදිහට අදහස් දක්වපු ඇය තමන් ආස කරන සෙල්ලම මොකක්ද කියල අහපු වෙලාවේ පිළිතුරු ලබා දුන්නේ මෙලෙසයි ” ඇත්තටම මම කැමතියි අදටත් පොඩි ලමයි එක්ක එකතුවෙලා සෙල්ලම් කරන්න. පහුගිය දිනවල මම ලුඩෝ සෙල්ලම් කරා පොඩි අයත් එක්ක. ඒ සෙල්ලම් කරන්නත් පොඩි ලමයි ගොඩක් එකතු වුණා. හැබැයි ඉතින් මම ඒ තරගයෙත් දිනුම විතරයි බලාපොරොත්තු වුණේ” කියලයි

ඒ වගේම ඇය ඇගේ පාසල් කාලය ගැන මතකය අවදි කරමින් කියා සිටියේ මෙහෙම කතාවක් ” පාසල් ජීවිතය තුළ ලස්සන මතක එකතු කරගත්ත කෙනෙක් තමයි මම. මට හරි සුන්දර පාසල් කාලයක් තිබුණා. ඒ කාලේ ඉඳන්ම මම පාසල් යන්න කම්මැලි ළමයෙක් නෙවෙයි. මම පාසල් වැඩ වගේම විෂය බාහිර ක්‍රියාකාරකම් කළා. ඒ වගේම පුංචි පුංචි දග වැඩ කරලා ගුරුවරුන්ගෙන් දඬුවම් පවා වින්දා. ඉතින් හරි සුන්දර පාසල් කාලයක් මගේ හදවතේ අදටත් රැදිලා තියෙනවා” යනුවෙනුයි

තවද වැඩිදුරටත් අදහස් දක්වපු හංසනී අවසාන වශයෙන් කියා සිටියේ ඇය ලංකාවේ සංචාරය කිරීමට කැමති තැන් කිහිපයක් ඇති බවයි. ඒ අනුව ඇය සංචාරය කිරීමට කැමති ස්ථාන කිහිපයක් ලෙස ඇගේ ගම තිස්සමහාරාමය සහ නුවරඑළිය ප්‍රදේශය නම් කරනු ලැබුවා. මේ අතර ඒ වගේ තැනක සංචාරය කරන්න ලැබුනොත් ඇය ඒ ගැන දෙපාරක් හිතන්නේ නැහැ කියලයි කියන්නේ. ඉතින් ඒ වගේ තැනක නතර වෙලා තමයි විනෝද වෙන්න ඕනේ කියන ඇය කියන්නේ මම නුවරටත් කැමතියි කියලයි. ඊට හේතුව හැටියට ඇය කියන්නේ එහි දේශගුණය හරි වෙනස් කියලයි

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්