Oct
27

පෙම්වතා සමඟ පැන ගිය තරුණියව අතරමගදී පැහැරගෙන – පවුලේම වැඩක් බව හෙළි වෙයි

 
1425 Views
   
 

ත්රීරෝද රථයකින් 21 හැවිරිදි තරුණියක් බලහත්කාරයෙන් පැහැරගෙන ගිය බව කියන එකම පවුලේ අයියා නගෝ සමග ඔවුන්ගේ මිතුරන් දෙදෙනෙකු එම ත්රිරෝද රථයත් සමග වැලිවේරිය පොලිසිය මගින් අත් අඩංගුවට ගෙන තිබෙනවා.

මෙහි දී සිද්ධියට සම්බන්ධ සැකකාර නැගණිය පොලිසියට භාර වී ඇති බවයි වාර්තා වන්නේ.

එම තරුණිය බැලුම්මහර ප්රදේශයේ බලහත්කාරයෙන් ත්රිරෝද රථයකට නංවාගෙන පැහැරගෙන යන විට ඇය ත්රිරෝද රථයෙන් එළියට පැන බේරී විත් තමාව පැහැරගත් බව පොලිසියට පැමිණිලි කර ඇත.

බස්නාහිර පළාත් බුද්ධි අංශයේ සැරයන් ස්ටැන්ලි මහතාට ලද තොරතුරක් මත පැහැරගත් පුද්ගලයන් අත් අඩංගුවට ගැනීමට හැකි වී තිබේ.

පැහැරගැනීමට ලක්වූ තරුණිය මීගහවත්ත ප්රදේශයේ නිවසක හදාවඩා ගත් තරුණියක් වන අතර ඇය තරුණයකු සමග පෙම් සම්බන්ධතාවයක් ඇති කරගෙන ඉකුත් 20 වෙනිදා ඔහු සමඟ පැන යෑම ගැන උරණ වූ එම නිවසේ අයියා සහ නගෝ දෙදෙනා ඔවුන්ගේ මිතුරන් දෙදෙනකු සමග ත්රිරෝද රථයෙන් ගොස් මෙසේ ඇයව පැහැරගෙන ගොස් ඇති බවයි විමර්ශනවලදී හෙළිවී ඇත්තේ.

සිද්ධියට මුහුණ දුන් තරුණිය පෞද්ගලික ආයතනයක රැකියාවක් කරන අතර ඇය පෙම්වතා සමඟ පැමිණ බැලුම්මහර ප්රදේශයේ නේවාසිකාගාරයක නැවතී රැකියාවට ගොස් ආපසු එන අතරතුරදීයි එසේ පැහැරගැනීමට ලක් වී ඇත්තේ.

අත් අඩංගුවට ගන්නා ලද අයියා නගෝ දෙදෙනා මීගහවත්ත ප්රදේශයේ හා මිතුරන් දෙදෙනා වැලිවේරිය ප්රදේශයේ පදිංචිකරුවන් වන අතර ගම්පහ මහේස්ත්රාත් අධිකරණයට මොවුන්ව ඉදිරිපත් කිරීමට යමිත බවයි වාර්තා වන්නේ.

වැලිවේරිය පොලිසියේ වැඩබලන ස්ථානාධිපති ප්රධාන පොලිස් පරීක්ෂක සමන්ත පෙරේරා මහතාගේ උපදෙස් අනුව අ ප රා ධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක ජයතිස්ස, සැරයන් ස්ටැන්ලි, පොලිස් කොස්තාපල් වනසිංහ හා ශ්රීනාත් යන නිලධාරීන් විසින් මේ සම්බන්ධව ඉදිරි විමර්ශන කටයුතු සිදු කිරීමට නියමිතයි.

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්