May
9

ඉන්දියාවට ගොස් සිටින ශ්‍රී ලාංකිකයන් නැවත ගෙන්වා ගැනීම සදහා කඩිනමින් සැලසුම්

 
1779 Views
   
 

සෞඛ්‍ය හේතූන් මත හෝ වෙනත් අවශ්‍යතා මත ඉන්දියාවට ගොස් සිටින ශ්‍රී ලාංකිකයන් නැවත ගෙන්වා ගැනීම සදහා කඩිනමින් සැලසුම් සහගත වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බව සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි. ඉදිරි සතියෙන් පසු මේ සම්බන්ධයෙන් අවශ්‍යක්‍රියාමාර්ග ගන්නා බව ද ඇමතිවරයා සදහන් කරයි.

ගම්පහ වැරැල්ලවත්ත ප්‍රදේශයේ ඉදිකෙරෙන ඇදන් 2000 කින් සමන්විත කොවිඩ් ප්‍රතිකාර අතරමැද මධ්‍යස්ථානයේ ඉදිකිරීම් නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව මාධ්‍ය වේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ඇමතිවරයා මේ බව සදහන් කළේය. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියේ සංවිධානාත්මක ආකාරයෙක් ඉන්දියාවේ සිටින ලාංකිකයන් මෙරටට ගෙන්වා ගැනීමට අපේක්ෂා කරන බවත් ඒ සඳහා ගුවන් තොටු පළ සංවිධානය කර ඇති බව ද පැවසුවේය

Source – Noizetv.lk

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්