Jun
17

ගෑස් මිල වැඩිකිරීමටත් අවසර ඉල්ලයි

 
1172 Views
   
 

ගෑස් මිල සංශෝධනය කිරීම සම්බන්ධයෙන් ගෑස් සමාගම් හා අමාත්‍ය මණ්ඩල අනුකමිටුව අතර පැවැති සාකච්ඡාව විසඳුමකින් තොරව අවසන් ව ඇති බව වාර්තා වෙයි.

ගෑස් සමාගම් මාස කිහිපයක පටන් ගෑස් මිල ඉහළ දැමිම වෙනුවෙන් රජයෙන් අවසර ඉල්ලා ඇතත් තවමත් ඒ සම්බන්ධයෙන් රජයෙන් අවසර ලැබී නොමැත.

මෙහිදී ලිට්‍රෝ සමාගම කිලෝ ග්‍රෑම් 12.5 ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 700කින් හා ලාෆ්ස් සමාගම ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 600කින් ඉහළ දැමීම සඳහා අවසර ඉල්ලා ඇති බව වාර්තා වෙයි.

කෙසේ වෙතත් වර්තමානයේ ජනතාව පත්ව ඇතී පීඩනය හමුවේ මෙවැනි ගණන් වලින් ගෑස් සිලින්ඩරයක මිල ඉහළ දැමිය නොහැකි බවට අමාත්‍ය අනුකමිටුව සඳහන් කර ඇති බව වාර්තා වෙයි.

කෙසේ වෙතත් ගෑස් මිල සංශෝධනය කිරීම සඳහා කටයුතු කරන බවට අමාත්‍ය මණ්ඩල අනුකමිටුව මෙහිදි සඳහන් කර ඇති බව වාර්තා වෙයි.

අමාත්‍යවරුන් වන බන්දුල ගුණවර්ධන, කෙහෙළිය රඹුක්වැල්ල, වාසුදේව නානායක්කාර, මහින්ද අමරවීර හා උදය ගම්මන්පිල යන අය මෙම සාකච්ඡාව සඳහා එක්ව තිබේ.

 

ada.lk

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්