Feb
11

” මාව තේරුම් ගන්න මට ආදරේ කරන කෙනෙක් ලැබුණොත් මම ආදරේ ගැන හිතනවා” ජනප්‍රිය නිළි ශලනි තාරකා කියන කතාව

 
982 Views
   
 

ශලනි තාරකා කියල කියන්නේ මේවෙද්දී ලාංකීය ජනයා අතර සුවිශේෂ ජනප්‍රියත්වයක් හිමිකරගෙන ඉන්න දක්ෂ වගේම සුන්දර රංගන ශිල්පිනියක්. කොහොම නමුත් මේ සුන්දර රංගන ශිල්පිනියව අපට වර්තමානයේ සිරස ටීවී නාළිකාවේ විකාශය කෙරෙන කියාදෙන්න ආදරේ තරම් ටෙලි නාට්‍ය තුළින් දැකගන්නට ලැබෙනවා. ඇත්තෙන්ම මෙම ටෙලි නිර්මාණය තුළින් දැකගන්නට ලැබෙන ඇයට මේවෙනකොට ලැබෙන්නේ අති විශාල ජනතා ආකර්ෂණක්. ඉතින් මේ විදිහට ජනප්‍රියත්වයට පත් ඇය සමගින් තමයි අද අපි කතා කරන්න සූදානම් වෙන්නේ

ශලනි කියල කියන්නේ මේවෙනකොට අපිට කියාදෙන්න ආදරේ තරම් කියන ටෙලි නාට්‍ය තුළ ජනප්‍රිය චරිතයක්. තුන් කොන් ආදර කතාවක් ලෙස ගොඩනැගෙන මේ කතාවේ එක් කොනක ඔබ ඉන්නවා. ඒ කොහොම උනත් ශලනි කියන්නේ මාධ්‍ය සමග අඩු සම්බන්ධතාවයක් තියෙන කෙනෙක් නේද ?

ඇත්තටම මම ඒ කාලේ ඉදලම කතාබහ අඩු කෙනෙක්. මම කෙනෙක් එක්ක ලේසියෙන් සුහද වෙන කෙනෙක් නෙවෙයි. අනිත් දේ තමයි මට නිතරම පත්තර වල නාට්‍යවල පෙනෙන්න හිටින්න ඕනේ නැහැ. දක්ෂතාවයෙන් ජනප්‍රිය වෙන්න ආස කෙනෙක් මම. කොහොම වුණත් මේ මගේ හැටි. මම ගැන දන්නා අය දන්නවා මම කොයි වගේද කියලා

ඇත්තටම කලා ක්ෂේත්‍රය තුළ ජනප්‍රිය කෙනෙක් වෙන එක ලේසි පහසු දෙයක් නොවෙයි. ඉතින් ජනප්‍රිය නිළියක් වෙන්න තිරය පිටුපස ලොකු තරගයක් තිබෙනවා නේද?

මම හිතන්නේ එහෙම පොර කන අය පොර කන්නේ දක්ෂතාවය අඩුකම නිසා. දක්ෂතාවය තියන කෙනා ජනප්‍රිය වෙන්න ඕන නැහැ, ඔවුන්ට මේ ක්ෂේත්‍රයේ රැදිමක් තියෙනවා. කොහොම වුනත් මම සල්ලි දීලා සම්මාන ගන්න කෙනෙක් නෙවෙයි. සල්ලි දීලා සම්මාන ගන්නවාට වඩා කරන්න දේවල් මට තියනවා. මම සම්මානයක් ලබා ගන්නේ මගේ දක්ෂතාවය පෙන්නලයි

කියාදෙන්න ආදරේ තරම් ටෙලි නාට්‍යයේ ඔබ රගපාන්නේ ආදරවන්තියක චරිතයක්. ඉතින් මේවෙද්දී ඔබ සැබෑ ජීවිතය තුළත් ඔබ ආදරවන්තියක්ද ?

මම තවම ආදරවන්තියෙක් නෙවෙයි. සමහර කාලවලදී ප්‍රේම සබඳතා තිබුණා. හැබැයි දැන් කිසිම සබඳතාවක් නැහැ. ඒ කොහොම වුණත් මාව තේරුම් ගන්න මට ආදරේ කරන කෙනෙක් ලැබුණොත් මම ආදරේ ගැන හිතනවා. කොහොමත් දැන් වයසත් එක්ක ආදරය ගැන හිතන්න වෙනවා. බලමු කාලයට ඉඩ දෙනවා. ආවට ගියාට ජීවිතේට මම කවුරුත් එකතු කර ගන්නේ නැහැ

ශලනි කියල කියන්නේ මේවෙනකොට කියාදෙන්න ආදරේ තරම් ටෙලිනාට්‍යය තුළ ඉන්න ජනප්‍රියම චරිතයක්. ඉතින් ඔබට ලැබෙන ප්‍රතිචාර කොහොමද ?

ඇත්තටම ගොඩක් හොද ප්‍රතිචාර හොඳ ප්‍රතිචාර ලැබෙනවා. මුලින් හිතුවේ නෑ මේ වගේ ප්‍රතිචාර ලැබේවි කියලා. ඒ කොහොම වුනත් ගොඩක් අය මේ කතාව ආසාවෙන් ආදරෙන් නරඹනවා

කොහොමහරි ඉතින් මේ විදිහට වර්තමානයේ මෙරට ජනයා අතර ජනප්‍රියත්වයට පත් ශලනි කලා ක්ෂේත්‍රය තුළ සුවිශේෂ ගමනක් යන චරිතයක් ලෙස අපට හදුන්වන්න පුලුවනි. ඉතින් ඇගේ ඉදිරි බලාපොරොත්තු සියල්ල සර්වප්‍රකාරයෙන්ම සාර්ථක වෙන්න කියල අපි හදවතින්ම සුභපැතුම් එකතු කරනවා

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්