Oct
20

මෙරට නාවික ක්ශේත්‍රයට අභිමානයක්

 
533 Views
   
 

මෙරට නාවික ක්ශේත්‍රයේ නව පරිච්ඡේදයක් සනිටුහන් කරමින් ඉරාකය සඳහා යාත්‍රා දෙකක් නිශ්පාදනය කිරීමට කොළඹ නැව් තටාංගනය සමත් වී ඇත.ඒ තුළින් මෙරටට ලැබුණු ආදායම ඩොලර් මිලියන 35 කි. කොළඹ නැව් තටාංගනය නිශ්පාදනය කල ” අල්කා සහ ශාන් අල් අරාක් “යන නෞකාවන් මේ වනවිට ඉරාකය බලා රැගෙන යමින් ඇත.නෞකා වල නිශ්පාදන කටයුතු සඳහා සහය ලැබී ඇත්තේ ජයිකා ආයතනය මඟිනි. එම යාත්‍රා ඉරාක රජයට භාරදීම පසුගිය දා සිදු කෙරුණු අතර එම නෞකා ප්‍රවාහනය සඳහා විශේෂ යාත්‍රාවක්ද කොළඹ වරායට පැමිණ තිබිණ.මේ වනවිට එම යාත්‍රා ඉරාකය වෙත ප්‍රවාහනය කරමින් සිටින අතර ලබන ඔක්තෝබර් 21 වනදා නිළවශයෙන් නෞකා භාරදීමට නියමිතයි.

ලෝකයේ මහා විශාල රටවල් අතර මේ පුංචිම පුංචි දිවයින මහා විශාල නැව් නිශ්පාදනය කරද්දී ලෝකය ඉදිරියේ මගෙ මාතෘභූමිය කීර්තියෙන් දිදුළන මහා පාකාරයක් නොවේද ? මෙවැනි විශිෂ්ඨ හැකියාවන් ඔස්සේ අප රටෙහි නාවික ක්ශේත්‍රයේ වටිනාකම , දස්කම් මුලු ලොවටම රැව්දේවි.එහි ආඩම්බරය සහ අභිමානය ශ්‍රී ලාංකිකයන් වන අපටමය. (රෂිකා සඳමාලි හෙන්නාය)

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්