May
3

රටේ බදු ආදායමට අරක්ගත් බහිරවයෝ

 
2217 Views
   
 

වර්තමානයේ අපේ රටේ රාජ්‍ය සේවය මිලියන 1.5 ඉක්මවයි. එය රාජ්‍ය සේවයේ සේවක අවශ්‍යතාවයද ඉක්මවා ගිය අගයකි. නමුත් කාර්යක්ෂමතාව අතින් රාජ්‍ය සේවය ඉතාමත් පහල ස්ථානයක තිබේ. පැයකින් ලබාදිය හැකි සේවයට ඇතැම් රාජ්‍ය සේවකයන්ගේ අකාර්යක්ෂමතාවය නිසා දින ගණන් රස්තියාදු වීමට මහජනතාවට සිදු වේ. 90%ක්ම රජයේ ආයතන වල දිගු පෝළිම් දැකගත හැක්කේ එවායේ සේවකයන්ගේ ඇති අකාර්යක්ෂමතාවය නිසාය. මෙම අකාර්යක්ෂමතාවය නැති කර රාජ්‍ය සේවය කාර්යක්ෂ කළහොත් පාඩු ලබන රජයේ ආයතන ලාභ ලබන තත්වයට පත්කරගැනීම එතරම් අපහසු කාර්යයක් නොවේ.

2016 දී ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් කල සංගණනයකට අනුව 2016 වසරේ නොවැම්බර් මාසය වන විට ශ්‍රී ලංකාවේ රාජ්‍ය සේවය 1,389,767 කි. නමුත් වර්තමානයේ එය ලක්ශ 16 කට ආසන්නය. ඒ අනුව පසුගිය යහපාලන රජය 2019 මැතිවරණය ඉලක්ක කර ඉවක් බවක් නොමැතිව රාජ්‍ය සේවයට කළ නව බඳවාගැනීම් නිසා අද මුළු රටටම අර්බුධයකට මුහුණ දීමට සිදුව ඇත.

වර්තමානයේ රජයේ බදු ආදායමෙන් 50% කට වැඩි ප්‍රතිශතයක් රාජ්‍ය සේවය සඳහා වැටුප් සහ විශ්‍රාම වැටුප් ගෙවීමට වැය කිරීමට සිදුවේ. රටේ අනෙකුත් සියලු කටයුතු කළයුතු වන්නේ ඉතිරිවන 50% කට අඩු ප්‍රතිශතයෙනි. මේ පිළිබඳව වසර කිහිපයක දත්ත මෙසේය.

2015
සමස්ථ රාජ්‍ය සේවකයන් – 1,375,130
වැටුප් බදු ආදායමේ ප්‍රතිශතයක් ලෙස- 52.89%

2016
සමස්ථ රාජ්‍ය සේවකයන් – 1,389,767
වැටුප් බදු ආදායමේ ප්‍රතිශතයක් ලෙස- 51.13%

2017
සමස්ථ රාජ්‍ය සේවකයන් – 1,424,146
වැටුප් බදු ආදායමේ ප්‍රතිශතයක් ලෙස- 46.08%

2018
සමස්ථ රාජ්‍ය සේවකයන් – 1,434,150
වැටුප් බදු ආදායමේ ප්‍රතිශතයක් ලෙස- 47.92%

2019
සමස්ථ රාජ්‍ය සේවකයන් – 1,467,008
වැටුප් බදු ආදායමේ ප්‍රතිශතයක් ලෙස- 52.69%

2020
සමස්ථ රාජ්‍ය සේවකයන් – 1,528,321
වැටුප් බදු ආදායමේ ප්‍රතිශතයක් ලෙස- 86.47%

මේ අනුව බැලූ කල රාජ්‍ය සේවයට වැටුප් ගෙවීමට රටේ බදු ආදායමෙන් වැඩි ප්‍රතිශතයක් වැය වූවත් රාජ්‍ය සේවයේ කිසිදු දියුණුවක් දක්නට නොලැබේ. එසේනම් කළ යුත්තේ තවදුරටත් රාජ්‍ය සේවයට කරන බඳවාගැනීම් නතර කිරීම සහ අකාර්යක්ෂම රාජ්‍ය සේවයේ කාර්යක්ෂමතාව වැඩි කිරීම⁣ට රජයක් වශයෙන් දැඩි තීරණ ගැනීමයි. නැතහොත් රාජ්‍ය සේවය නිසාවෙන් දිනෙන් දින රටේ ආර්ථිකය තව තවත් අගාධයට යනු ඇත.

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්