Feb
4

ජනප්‍රිය නළු විශ්ව කොඩිකාර බිරිඳ සහ දරුවන් සමගින් එක්ව කළ සුන්දර ෆොටෝ ශූට් එක

 
3895 Views
   
 

ලාංකීය කලා ක්ෂේත්‍රය තුළ ඉන්න නිහතමානී වගේම දක්ෂ කඩවසම් රංගන ශිල්පියෙකු තමයි විශ්ව කොඩිකාර කියන්නේ. ඇත්තෙන්ම පුංචි තිරයේ පෙම්වතා කියන නාමය වසර ගණනාවක් පුරාවට දිනාගෙන ඉන්න රංගන ශිල්පියෙකු ලෙස අපට ඔහුව හදුන්වන්න පුලුවනි. මේ අතර අපේ කලා ක්ෂේත්‍රය තුළ ඉන්න දවසින් දවස තරුණ වෙන රංගන ශිල්පින් අතර මුල් පෙලේ ඉන්න දක්ෂ නළුවෙකු වන ඔහුගේ රංගන හැකියාව අසමසමයි

කොහොමහරි ඉතින් විශ්ව මේවෙනකොට විවාහකයි. මේවෙද්දී ඔහුට ලස්සන පුංචි පවුලක් තිබෙනවා. ඔහුගේ බිරිඳ තමයි එරන්දි. ඇයත් ඔහු වගේම නිහතමානී චරිතයක්. ඒ වගේම විශ්ව කියන්නේ මේවෙනකොට දරුවන් දෙදෙනෙකුගේ තාත්තා කෙනෙක්. ඔහුට දුවෙක් සහ පුතෙක් සිටිනවා.ඉතින් විශ්ව සිය බිරිඳ සහ දරුවන් සමගින් ඉතාමත් සුන්දර දිවියක් තමයි ගත කරන්නේ. ඉතින් මේ දක්ෂ රංගන ශිල්පියාව අපට මේ දිනවල කියාදෙන්න ආදරේ තරම් ටෙලි නාට්‍යය ඔස්සේ අපට දැකගන්නට ලැබෙනවා

මේ අතර විශ්වගේ පියාත් අධ්‍යක්ෂකවරයෙක්. සිය පියාගේ සිනමා නිර්මාණවලට කුඩා කාලයේදී විශ්වත් සිය රංගන දායකත්වය දක්වල තිබෙනවා. ඔහුනම් කියන්නේ තමනුත් සිය පියා වාගේ අධ්‍යක්ෂණය කරන්න ආසයි කියලයි. නමුත් ඒකට මේ කාලය නොවෙන බවයි ඔහු කියන්නේ. ඒ වගේම අධ්‍යක්ෂණය ඕන කාලයක කරන්න පුළුවන් බව කියන ඔහු කියන්නේ රගපාන්න හැම කාලේම බැහැ කියලයි. ඉතින් මේ කාලේ රගපානවා කියලයි ඔහුනම් කියන්නේ. ඒ වගේම ඔහු පුංචි කාලේ ඉදලම ආස කලේ රංජන් රාමනායක වගේ නළුවෙක් වෙන්නලු

ඒ විතරක් නොවෙයි සිනමාවට ඒත් එහෙමයි කියලා ටෙලි නාට්‍ය අතහරින්නේ නැහැ කියලයි ඔහු කියන්නේ. පෙම්වතාගේ චරිත වලට මම කොටුවෙලා හිටියත් ඒ ඒ පෙම්වතාගේ චරිත වෙනස් ඒක නිසා එකේ ලොකු වෙනසක් මම දකින බවයි. කොහොමහරි ඉතින් විශ්ව කියන්නේ ආදරණිය සැමියෙක් වගේම තාත්තා කෙනෙක්. ඉතින් ඔහු සිය පවුලේ හැමෝම එක්ක පසුගියදා ලස්සන ෆොටෝ ශුට් එකක් කර තිබෙනවා අපට දැකගන්නට ලැබුණා. එලෙස ඔහු කළ සුවිශේෂ චායාරූප පෙළක් තමයි අපි අද මේ විදිහට අරගෙන එන්නේ

erertreterterter
මෙන්න බලන්න තවත් ගොසිප්